(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
නව කෘෂි සංස්කෘතියක් මෙරට ඇති කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය මගින් සංවිධානය කළ ‘හාවස්ට් 2018’ කෘෂිකර්ම ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (11) ආරම්භ කෙරිණි.
දේශීය කෘෂිකර්මාන්තය නව තාක්ෂණය භාවිතා කරමින් ජාත්‍යන්තර වෙළඳපොළ වෙත රැගෙන යාම විදහා දක්වමින් ප්‍රදර්ශන කුටි රැසකින් මෙය සමන්විත වූ අතර දේශබන්දු ටොම් එල්ලාවල මහතා විසින් මෙරට දේශගුණයට ගැළපෙන ලෙස විශේෂයෙන් නිපදවූ ‘ටී.ජේ.සී’ අඹ වර්ගය සහ අඹ නිෂ්පාදන අඩංගු එල්ලාවල හෝර්ටි කල්චර් (පුද්) සමාගමේ ප්‍රදර්ශන කුටිය වෙත වැඩි ජනතා ආකර්ශනයක් තිබෙන අයුරු දැක ගත හැකි විය.
ප්‍රදර්ශනයේ ආරම්භක අවස්ථාවට හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර , හිටපු ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු ආරාධිතයන් කිහිප දෙනෙකු ද මේ අවස්ථාවට එක් වූ අතර ප්‍රදර්ශනය දෙසැම්බර් 16 වැනි දා දක්වා ප්‍රදර්ශනය විවෘතව පවතී.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘ටී.ජේ.සී’ අඹ කියාලා මේ සැරේ බහරේන් වලට එවලා තිබුනේ වෙන මොකක්ද ජරා අඹ වර්ගයක්... එය කිලෝවක් ඩිනාර් 2.990 කට (රුපියල් 1,435 කට) අලෙවිකලා.
ලංකාවේ හොඳ ගස්ලබු විනාශ කරලා රෙඩ්ලේඩි කියලා ජරාවක් අඩුමිලට අපනයනය කරනවා. තායිලන්ඩ්, මැලේසියා වගේ රටවලින් හොඳ ගස්ලබු දෙගුණයක් මිලට UAE වගේ රටවලට එවනවා. කිලෝ පේර කතාවත් ඒවගේ... අපේ රටේ තිබුණු හොඳ ප්‍රභේද විනාශ කරලා බහුජාතික සමාගම් වල බීජ ව්‍යාපාර සරුකරනවා. මේ අයගේ මොලේ ඇලේ...