(කේ බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හංවැල්ල පහත්ගම රෝමානු කතෝලික පාසල ආසන්නයේ නිවසක දී නාදුනන පිරිසක් සිදු කළ වෙඩි තැබීමකින් දෙදෙනෙකු මිය ගොස් ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ 43 හැවිරිදි පස් ව්‍යාපාරිකයකු සහ ඔහුගේ රියදුරු බව කියන 22 හැවිරිදි තරුණයෙකි.
යතුරුපැදියකින් නිවසට පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු ව්‍යාපාරිකයාගේ බිරිඳගේ හිසට ගිනි අවියක් තබා බිය කර දුරකථන ඇමතුමක් ලබා දී එම අවස්ථාවේ නිවසේ නොසිටි පස් ව්‍යාපාරිකයා නිවසට ගෙන්වාගෙන මෙලෙස ඝාතනය සිදු කර ඇති බවද පොලිසිය පවසයි.
ඝාතනය පිළිබදව මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද (26) උදෑසන සිදු කිරීමට නියමිතය.



ඡායාරූප - බුද්ධික කුමාරසිරි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ව මෙහෙම මරන්න එපා දෙයියනේ. හැම මනුස්සයගේම ජීවිතය වටිනවා.
ඉස්සෙල්ලා කසිප්පු මාෆියාව, ඊට පස්සේ වැලි මාෆියාව, ඉන්පසු කුඩු මාෆියාව, දැන් පස් මාෆියාව. හෙට මොන මාෆියාවද? එක දෙයක් නම් ෂුවර්. හැම එකෙන්ම විනාශවන්නේ මිනිස් ජීවිත...