(අජන්ත කුමාර අගලකඩ)
හාල් සඳහා පනවා ඇති උපරිම තොග සහ සිල්ලර මිල ගණන් ඇතුලත් ගැසට් නිවේදනය වහාම අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය මීට සුළු වේලාවකට පෙර තීරණය කළේය.
මේ අතර වෙළඳ පොළේ සහල් මිල ඉහළ යෑම වැළෑක්වීම සඳහා සහල් මෙට්ට්‍රි ටොන් ලක්ෂයක් වහාම ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නේය.
සුදු කැකුළු සහ රතු කැකළු කිලෝවක් රුපියල් 95/-කටද නාඩු කිලෝවක් රුපියල් 98/- කටද සම්බා කිලෝවක් රුපියල් 103/- කීරී සම්බා කිලෝවක් රුපියල් 125/- කටද උපරීම සිල්ලර මිලක් නියම කරමින් රජය විසින් ඉකුත් දා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය.
කැබිනට් මණ්ඩල තීරණය අනුව සහල් මිල පාලන ගැසට්ටුව අහෝසි වනු ඇත.
මේ අතර කිරිපිටි කිලෝවක් රුපියල් 200/-කින්ද ගෑස් සිලින්ඩරයක් රුපියල් 550/-කින්ද සිමෙන්ති කොට්ටයක් රුපියල් 50/- කින් සහ තිරිගු පිටි කිලෝවක් රුපියල් 10/- කින්ද වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය යෝජනා කර තිබු නමුත් කැබිනට් මණ්ඩලය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැත.
COMMENTS
කෝ මේ රාජ්‍ය අමාත්‍ය බමුණුආරච්චි රෙදි ටිකක් හෝදන්න එලියට එනවයි.
මහින්දානන්දගෙයි ,බන්දුලගෙයි ලොකු ටොක්ස් දීපු කටවල් දෙක මැවිල පේනවා. සුපුරුදු ලෙස හාල් මාෆිවාවට යටවී ගැසට් එක රිවස් කලා මදිවට. වී මිල ඉදිරියට පහල යැවීමට හාලුත් පිටරටින් ගෙන්වනවා. කොවිඩ් වසංගතයේ බලපෑමයි වී වගාවයි අතර සම්බන්ධතාවය මොකක්ද ? මේකටනෙ ෆේල් කියලා කියන්නෙ.
සහල් මාෆියාකාරයින්ගෙන් පාරිභෝගික ජනතාව මුදා ගැනීමට ගත් හොඳ තීරණයකි. රජය මෙවන් දැඩි තීරණ ගනිමින් කෝටි දෙකකට අධික රටේ ජනතාව ගැන සිතා ක්‍රියාකළ යුතුය.
අරලිය , නිපුන දෙන්නගේ වී විතරයි නේද ගන්න බැරි උනේ ආණ්ඩුවට. පොඩි වී මොල් වලට පැනලා උන්ගේ මොල් සීල් තියලා වීත් අරන් ගියා වගේ අපි දැක්කා මීඩියා වලින්
ඔය ගැසට් ගහන්නයි අවලංගු කරන්නයි වියදම් කරන කඩදාසි වලටත් පාඩුයි .අයියෝ සල්ලි
සාදුකාරයක් දෙන්න පින්වත. ඒකත් රිවර්ස්..
ඔන්න පුතේ රිවස්
අන්තිමේදී නටපු නැටුමකුත් නැත .බෙරේ පලුවකුත් නැත .ජනතාව මසක පමණ කාලයක් බඩගින්නේ සිටි එකයි ,ගොවීන්ට තම නිෂ්පාදන වලට නිසි මිලක් නොලැබුණු එකයි සිදු වුනේ .ඉල්ලුමයි සැපයුමයි අතර ඇති සම්බන්ධය ගැසට් වලින්වත් දඩ වලින්වත් කැඩිය නොහැකි බව දැන් න්‍යාය චාර්යවරයා වටහා ගෙන ඇත .කිරි පිටි ,ගෑස්, සිමෙන්ති, තිරිඟු පිටි මේ සියල්ලටම ඔය ඉරණම තමයි ඇත වෙන්නේ
ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය 26දා මේගැන කියා ඇත්තේ මේවගේ අදහසක්. "කෘතීමව මේ සහල් මිල පාලනය කරන්න යන එක සහ මේ හදිසි නීතිය යටතේ සහල් මිල පාලනය කරන්න යන රජයේ ඒ ප්රයත්නය ඉතාමත්ම අසාර්ථක ප්රයත්නයක්. අපි කියන්නෙ අත්‍යාවශ්‍ය භාණ්ඩයක් විදියට අනෙක් සියලුම භාණ්ඩවල මිල වැඩිවෙනවා නම් හාල්වල මිලත් වැඩි වෙන්න ඕනෙ. ලංකාව ඇතුළෙ වී තියෙද්දී සහල් ආනයනයකට සැරසෙන්න එපා. දවසකට ලංකාව ඇතුළෙ වී කිලෝ කෝටියක් සහල් බවට පත්වෙන්න ඕනෙ. තවත් මාස පහකට පමණ ප්‍රමාණවත් තරම් වී තොග ලංකාව ඇතුළෙ තියෙනවා. රජය සතුව නම් තියෙන්නෙ අපි දන්න විදියට තවත් සහල් කිලෝ ග්‍රෑම් ලක්ෂ 50ක්, ඒ කියන්නෙ දවසක්වත් කන්න දෙන්න ආණ්ඩුව ගාව හාල් නෑ. අපි ආණ්ඩුවෙන් ඉල්ලන්නෙ ඒකයි වෙළඳපොලේ තියෙන, භූමියේ තියෙන මිල ලබාදීලා මේ අර්බුදය නිමාවට පත් කරමු කියන එකයි. ගිය කන්නේ වී ටික විකුණපු මිලට මේ කන්නේ වී ටික විකුණන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්න කියලා විතරයි ගොවියො ඉල්ලන්නෙ. ගොවියා කියන්නෙ පහුගිය කන්නෙ ලැබිච්ච මිල දෙන්න කියලා, සහල් නිෂ්පාදකයො විදියට අපි කියන්නෙ අපට පාඩු විඳින්න බැහැ, අපට සාධාරණ ලාබයක් ලබාදෙන විදියට ගැසට් නිවේදනයක් පළ කරන්නය කියලා"
මමත් මේ ආණ්ඩුව ගැන ලොකු බලාපරොත්තුවක් ඇතිව සිටි කෙනෙක්. ඒත් මේ ගැසට් රිවර්ස් කරන විදිහ දැක්කම මේ ආණ්ඩුවත් රීවර්ස් වෙලා යයි කියලා හිතෙනවා වෙලාවකට. අවිධිමත් ලෙස තීරණ ගන්න දේශපාලන ලොක්කෝ නිසා රාජ්‍ය සේවයේ ඉන්න ඉතා හොඳ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පවා හෑල්ලූවට ලක් වෙනවා මේ වැඩ වලින්. වෙලා තියෙන්නේ හරි විකල්පයක් නැති කම.
69 ලක්ෂයෙන් කෙනෙකු වන මම අද කනගාටු වෙනවා ,මේ වගේ නරුම පාලකයෙකුට මගේ චන්දය දීම ගැන. මේ රට මෙතෙක් පාලනය කල කිසිම පක්ෂයකට මේ රට ගොඩ ගන්න උවමනාවක් නැතිබවත් , ඔවුන්ගේ මුලික කර්තව්‍ය තමන්ට සහ ඔවුන් ගේ පවුල්වලත් සුඛ විහරනය පමනක් බව දැන් රටටම වැටහී අවසානයි. මින් පසු චන්දය මේ දෙගොල්ලොම වෙනුවෙන් පාවිච්චි නොකරමි.
ඇයි දෙවියනේ මේ වගේ මහජනතාව පෙලන්නේ... වෙලාවකට අපේ සෞඛ්‍යය ගැන හිතලා (ඒක මායාවක්) රසායනික පෝර ගෙන්වීම නැවැත්තුවා. ජනතාවට සහනය ලබාදීමට සහල් මිල පාලනය කළ. ඉවක් බවක් නැතිව සහල් වී තොග ගබඩා වැටලුවා. අපි දෑස් අයාගෙන මේ දිහා බලාගෙන හිටියා. දැන් මොකද කියන්නේ?. පිටරටින් එන හාල් වස විසින් තොරද? පිටරටින් හාල් ගෙනෙන විට ගොවියාට සාධාරණයක් වෙනවාද? සහල් ගෙන්වීමට විදේශ විනිමය කියනවාද? කවුද මෙහෙම තීරණ ගන්නේ? මෙහෙම ගියොත් අපේ අනාගතයට මොකද වෙන්නේ?
මේ ගන්න තීරණ සියල්ල සුරා මතින් ගන්නා තීරණ. රෑට තීරණ ගන්නවා... උදේට වෙනස් කරනවා.
කියනකොට එහෙමට වුනත් හැට නමේ වුනි බන්දුලට වෙනු මැන සමා කරන කොට මෙහෙමමයි. එය වලකන්න බැහැ මැරුවත් තුමා ( බැරිදේ පුලුවන්ද දත් මිටි කෑවාට.එහෙම නේද )
සහල් මාෆියාවට හොඳ උත්තරය ආනයනය කර අඩු මිලට දීම. වෙන කරන්න දෙයක් නැහැ. හැබැයි ආනයනය කරන ඒවත් අපේ මෝල් කාරයො කියන මිලට දෙනව නම් එතන පාලනයක් නැහැ. එහෙම නොකර සියල්ල 100ට අඩුවෙන් දිය යුතුය .
සරලව මට නොතෙරෙන කාරනාව, ලංකාවේ නිශ්පාදන වලට කොරොනා වල බලපැම මොකක්ද.? ගොවියට වැඩි මිලක් නොලැබි හාල් ගනන් යන්නෙ කොහොමද? පාලන මිලක් දාල ගාන වැඩි කලා, දැන් ඔය ගානට අඩුවෙන් හාල් ගන්න පුලුවන් තැනක් කියන්න බලන්න. සර් ෆේල් නැ අපි ෆේල් එච්චරයි
බැරි වැඩ දැන්වත් නොකර ඉන්නවද?
කමක් නෑ. චන්දෙ ලංවෙලා රට බේරගන්න තවත් අන්තිම අවස්තාවක් උදාවෙයි. මෙතන බනින අය හැමදේම අමතක කරලා දාල පෝලිම් පිටින් ගිහින් හොරුන්ටම දෙයි
කෝ අර වාචාල නන්දොඩවන පුද්ගලයා.සීනි හොයා ගෙන හොරුන්ටම ඒවා දුන්නා.හාල් මෝල් වලට පැන්නා කියලා තව බයිලයක් ගැහැව්වා.ගැසට් වලට සාමාන පදය රිවස් ලෙස ජනගත උනා.අර පත්තර බලලා තීන්දු ගන්නවා කියලා හිටපු කෙනාට විහිලු කල එක කෙතරම් පහත් වැඩක් ද කියලා හිතෙන්නෙ දැන් මේ විහිලු කාරයෝ එක්ක බලද්දි
ජනතාවත් නිකන් බබා පාට් පෙන්නලා අන්තිමට හාල් මෝල් කාරයින්ගේ වුවමනාව තමයි ඉටු කරන්නේ.. මේ තරම් ජනතාවට බත්පතට බලපෑම් වුණු කාලයක් ඉතිහාසයේ නැත.
කෝ අපේ බමුණු උන්නැහේ... ? මූණ කොහේ හංගගෙන ඉන්නවද දන්නේ නැහැ.
සහල් ගෙන්වීමේ තීන්දුව ක්‍රියාත්මක වුණොත් නියමයි. පරණ වාමාංශික සටන් පාඨයක් මතක් වුණා. මෙදා පොටේ දෙනවා බැටේ....
ඔය මෝල් කාරයෝ එක්ක ගොවියොත් නැටුවනේ... වී ගන්න අවම මිලත් ඔය එක්කම අයින් කරන්න ඕනෑ.. එතකොට ඔය මෝල් කාරයෝත් එක්ක ගොවියෝ ටික රුපියල් 55න් උඩ වී විකුණන හැටි බලන්න පුළුවන්...
පිටරටින් ගෙන්වන හාල් කෑමේදී පරිස්සමෙන් ... බල්ලන්, පූසන් මරා කන එක්තරා රටක, ප්ලාස්ටික් වලින් නිපදවන කෘතිම හාල් පිටරට වලට යවනා බව අන්තර්ජාලයේ සඳහන් වෙනවා.
අපි තමයි හොඳටම රිවස් කළේ...!
දැන් ගෙන්වන්න යන්නේ ඔර්ගනික් හාල් විතරයිලු .කොහොමද අපේ සර්ගේ වැඩ ?නන්දසේන වගේ අනාගත්තු ජනපති කෙනෙක් තවත් නෑ.අවුරුදු 5 ඉවර වෙනකොට රටට අඹ සරණයි
සර් අර වීරවංශ කියපු රිවස් පෙති ගහලද ?
ඔක්කොටම වඩා ඡන්දෙ දීපු අයට තාම ලැජ්ජා නැහැ...
අපෝ! ඔය මදි තව මේවා වල මිල වැඩි වෙන්න ඕනා. කිරිහොදියි බතුයි තුන් වේලටම කෑවාම මොලය හොඳට ක්‍රියා කරනවා කියලා මම අහලා තියනවා.
බලාගෙන යනකොට 2/3 බලයක් අරගෙනත් කරන්න පුළුවන් දෙයක් නෑ. ආණ්ඩුවට වෙළඳ ව්‍යාපාර කරනවා තබා වෙළඳ ව්‍යාපාර නියාමනය කරන එකත් විවෘත වෙළඳපල ක්‍රමයක් තුල කරන්න බැරි බවට මේ සිද්ධිය හොදම උදාහරණයක්.