IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


හොර වීසා වලින් ඉතාලි යන්න ගිය දෙදෙනක් අත්අඩංගුවට

( ටී.කේ.ජී.කපිල  )

කූඨ  ලෙස සකස් කළ ඉතාලි නේවාසික වීසා බලපත්‍ර උපයෝගී කර ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ඔස්සේ ඉතාලිය වෙත  පැන යාමට තැත් කළ  ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු  අද 21 අලුයම කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු දේශ දේශසීමා ආවේක්ෂණ ඒකක නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

41 හැවිරිදි වියේ පසු වන  මොවුන් දෙදෙනා පුත්තලම , තොඩුවාව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති .

ඔවුන් අද 21 දින අලුයම 03.15 ට එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි නුවර  වෙත පිටත්ව යාමට නියමිතව තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරණ ගුවන් යානයට කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ තිබුණි .

ඉන්පසුව ගුවන් යානා ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සඳහා එමිරේට්ස් ගුවන් සේවා නිලධාරීන් වෙත මොවුන් දෙදෙනා ඉදිරිපත් කළ ලියකිවිලි පිළිබඳ මතු වූ ගැටලු කීපයක් මත , ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොවුන් දෙදෙනා එම ලියකියවිලි ද සමග ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත යොමු කර තිබේ .

එහිදී එම ලියකියවිලි තාක්ෂණික පරීක්ෂාවන්ට ලක් කළ අතර , එහිදී එම ඉතාලිය නේවාසික  වීසා බලපත්‍ර කූඨ ලෙස සකස් කළ ඒවා බවට තහවුරු වී තිබේ .

මින් පෙර කිසි දිනෙක විදේශගත වී නොතිබුණු මොවුන් දෙදෙනාගේ  ගුවන් ගමන් බලපත්‍ර වල ද ව්‍යාජ ඉතාලි සහ ශ්‍රී ලංකා ආගමන විගමන මුද්‍රා  සටහන් ඇති බවද , වැඩිදුරටත් මෙම නිලධාරීන් කළ විමර්ශන වලදී  අනාවරණය කරගැනීමට සමත් වී තිබුණි .

ඉන්පසුව මෙසේ  කූඨ ලේඛන මගින් ඉතාලිය වෙත පැන යාමට තැත් කළ මොවුන් දෙදෙනා , ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන , මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබුණි .

 

 

 



අදහස් (2)

හොර වීසා වලින් ඉතාලි යන්න ගිය දෙදෙනක් අත්අඩංගුවට

saman Tuesday, 21 September 2021 03:57 PM

අනේ කරුණාකරලා රටින් යන කෙනෙකුට යන්න දෙන්න... ලංකාවේ ඉඳල‍ා හිඟා කන්නද කියන්නේ..?

:       3       0

Nihal Wednesday, 22 September 2021 01:57 AM

යුරෝපෙට යන්න කලින් දැනගන්න .ඉන්න තැනක් නැතුව කන්න බොන්න නැතුව මහ මග හිඟා කන මිනිස්සු දහස් ගණනින් අධික සීතල මිනිස්සු මැරෙන තරම් අන්තර් ජාලයෙන්වත් දැනගන්න

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31118 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13246 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 44 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 882 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site