
(ඉන්දිකා රාමනායක සහ රොමේෂ් මධුෂංඛ)
යාපනය චාවකච්චේරි පොලිස් වසමේ පාලාවි ප්‍රදේශයේ යුද හමුදා අන නොතකා පලායමින් සිටි වැලි ජාවාරම්කරුවන් පිරිසකට යුදහමුදාව අද (22) අලුයම වෙඩිතැබීමක් සිදු කළ බව චාවකච්චේරි පොලීසිය පවසයි.
වැලි ජාවාරම්කරුවන් පාලාවි ප්‍රදේශයේ සිට වැලි පටවාගත් ට්‍රැක්ටරයකින් ගමන් කරන අවස්ථාවේදී යුදහමුදාව අදාල ට්‍රැක්ටරය නවත්වන ලෙසට අණ කළ ද ට්‍රැක්ටරය නොනවත්වා ධාවනය කිරීම නිසා වෙඩිතබා ඇත.
ට්‍රැක්ටර්යේ රෝදවලට වෙඩි වැදි ඇති අතර සැකකරුවන් තිදෙනකු ට්‍රැක්ටරය දමා පලා ගොස් ඇති අතර යුදහමුදාව බාරයට ගත් එම ට්‍රැක්ටරය චාවකච්චේරි පොලීසියට බාරදීමට පියවර ගත්තේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd