(යොහාන් භාසුර)
ව්‍යාජ රියදුරු බලපත්‍ර 50 සහ කල්ඉකුත් වූ රියදුරු බලපත්‍ර 361 ක් ඇතුළු උපකරණ තොගයක් සමඟ ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කිරීමේ නීතිවිරෝධී ව්‍යාපාරයක් කරගනෙ ගිය පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට අදිරුප්පුවීදිය පොලිසිය අද (18) සමත් විය.
අදිරුප්පුවීදිය, වත්තල සහ දෙහිවල යන ප්‍රදේශවලදී මෙම පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගත් බව කී පොලිසිය ඔවුන් සතුව තිබී ව්‍යාජ රියදුරු බලපත්‍ර 50 ක්, කල්ඉකුත් වූ රියදුරු බලපත්‍ර 361 ක්, ව්‍යාජ තොරතුරු ඇතුළත් ස්ටිකර් 230 ක්, පරිගණක සහ ලැමිනේටින් යන්ත්‍ර ඇතුළු ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කිරීමට යොදාගත් උපකරණ තොගයක් අත්අඩංගුවට ගත් බව ද පොලිසය සඳහන් කළේය.
ව්‍යාජ රියදුරු බලපත්‍ර පහක් සමග ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීමේදී වත්තල ප්‍රදේශයේ පුද්ගලයකු මෙලෙස රියදුරු බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කරන බවට තොරතුරු හෙළි වූ බවත් ඒ අනුව වත්තල ප්‍රදේශයේ නිවෙසක් වටලා සැකකරු, පරිගණකයක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ඇතුළු උපකරණ පොලිසිය බාරයට ගත් බවත් පොලිසිය කියයි.
වත්තල ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී දෙහිවල ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවත් ඔහු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු හරහා කල්ඉකුත් වූ රියදුරු බලපත්‍ර කාඩ් පත් මුදලට ගෙන මෙම ජාවාරම සිදුකර ගෙන ගොස් ඇති බව අනාවරණ වූ බවත් පොලිසිය පැවසීය.
මෙම පුද්ගලයන් ව්‍යාජ රියදුරු බලපත්‍ර 1000 කට අධික ප්‍රමාණයක් මේ වන විට අළෙවි කර ඇති බවත් රියදුරු බලපත්‍රයක් රුපියල් 13000 බැගින් අලෙවි කර ඇතැයි ද පොලිසිය කියයි.
ආදුරුප්පුවීදිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් මෙත්තානන්ද මහතාගේ අධීක්‍ෂණයෙන් උප පොලිස් පරීක්‍ෂක සරත් කුමාර මහතා ප්‍රමුඛ කණ්ඩායමක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළහ.
2025 දෙසැම්බර් මස 30
13
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හොර ලයිසන් හැදූ තුනක් මාට්ටු
විපරමා Thursday, 18 November 2021 09:54 PM
ලංකාවේ රිය අනතුරු සිදු වෙන එක ආයේ කියන්න දෙයක් ද
Kule Thursday, 18 November 2021 10:21 PM
දඬුවම් දෙනකොට සැක කරුවන් තුන්දෙනාට අමතරව රියදුරු බලපත්‍ර ඔවුන්ට ලබාදුන් යටත් දඬුවම් දුන්නොත් හොඳයි නේද ?
kamal Friday, 19 November 2021 11:13 AM
අර හොරාට ගමන් බලපත්‍ර දෙකක් ගත්ත උතුමාට මොකද උනේ.?