(ඉන්දිකා රාමනායක)
කටුනායක ප්‍රදේශයේ දී රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටුවක් 6 ක් සහ ව්‍යාජ මුදල් මුද්‍රණය කරන යන්ත්‍රයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු ඊයේ පස්වරුවේ කටුනායක ප්‍රදේශයේ වෙළඳසැලකින් භාණ්ඩ මිලදී ගෙන ඒ සදහා රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටුවක් ලබාදී ඇති බවද පොලිසිය පවසයි.
වෙළඳසල් හිමියාට මුදල් නෝට්ටුව සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත සිද්ධිය පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු පරීක්ෂා කිරීමේ දී ඔහුගේ ගමන් බෑගයේ තිබී තවත් ව්‍යාජ මුදල් නෝට්ටු පහක් සහ ,මුදල් මුද්‍රණය කිරීම සඳහා භාවිතා කරන යන්ත්‍රයක් තිබූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd