IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


‘හරි දේ කරන පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිනවා‘

(සුජිත් හේවාජුලිගේ)

රාජකාරියේදී හරි දේ කරන්නැයි  සියලු පොලිස් නිලධාරීන්ගෙන්ගෙන් ඉල්ලා සිටින බවත්  හරි දේ කර  නඩු වැටෙන  නිලධාරීන් වෙනුවෙන් තමා පෙනී සිටින බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

හරි දේ කර නඩු වැටුණහොත් ඒ සඳහා  එම නිලධාරීන්ගේ  අතින්  වියදම් කිරීමට තමා ඉඩ නොදෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

මහජන ආරක්ෂක ඇමතිවරයා මෙසේ පැවසුවේ පානදුර පිංවත්ත  නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයේදීය .

සරත් වීරසේකර මහතා එහිදී මෙසේද කීය .

"මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ  ප්‍රධානතම රාජකාරිය තමයි ජනතාවට බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කරන එක. අපි බලයට එනකොට තිබුණේ බිය සැක පිරුණු සමාජයක්.පාතාල ක්‍රියාකාරකම් බොහෝදුරට අඩු කරගන්න අපිට හැකියාව ලැබුණා.ඒ වගේම කප්පම් ගැනීම් පවා අද අඩුවෙලා තියෙනවා."

"හෝ රටේ ස්ත්‍රී දූෂණ ,ළමා අපචාර, මත් කුඩු ව්‍යාපාර නැති කිරීමට උපරිමයෙන් කටයුතු කරනවා. අපි ඒ සඳහා මහජන ආරක්ෂක කමිටු හැදුවා.  අපරාධ ගැන අපට තොරතුරු ලැබෙනවා නම් ඒ ගැන කටයුතු කරන්න පහසුයි"

මේ අවස්ථාවට  වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහ රාජ්‍ය අමාත්‍ය ජයන්ත  සමරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ .



 

 



අදහස් (12)

‘හරි දේ කරන පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිනවා‘

Rex Thursday, 24 June 2021 02:29 PM

වැඩක් නැ සර් අධිකරණයෙන් දඩුවම් දුන් අයට ලොකු තැන් වලින් සමාව

:       0       179

Nuwan Thursday, 24 June 2021 02:55 PM

ඔයිට වඩා හොද නැද්ද වෙන දෙයක් කරගෙන හිටියනම්

:       0       127

මෝ Thursday, 24 June 2021 03:25 PM

හරිදේ කරලා ඇඳිවතත් ගලවා ගත්තු මිනිහා කියනවා පොලිස් නිලධාරීන් රකිනවා කියලා. අන්න බොසාත් හරිදේ කරලා..

:       0       139

parakkrama Thursday, 24 June 2021 03:51 PM

හරි දේ කරන්නටත්, ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් ඉදිරිපත්වන බව කියන ඇතැම් ඉහළම මට්ටමේ ලොක්කොත් හරිදේ නොකරන බව මහජනයා පල කරන අදහස්වලින් තේරුම් යනවා නේද?

:       0       26

මුණසිංහ Thursday, 24 June 2021 04:26 PM

පානදුරේ කේස් එකට මොකක්ද වෙන්නේ

:       0       41

Dhammika Thursday, 24 June 2021 04:48 PM

කටේ නරි වාදම් රෙද්ද පල්ලෙන් බේරෙනවා කියන්නේ මේවාට තමයි...

:       0       127

ana Thursday, 24 June 2021 10:21 PM

හීනෙන් දොඩවනවා..

:       0       0

Rata Perata Friday, 25 June 2021 01:15 AM

කාලකන්නියෙක් වෙන්නේ නැතුව ඉල්ලා අස්වෙන්න මනුස්සයෝ... අපිට පව් දෙන්නේ නැතුව...

:       0       0

Kodi Friday, 25 June 2021 08:43 AM

අර ASP මහත්තයට කලා වගේ වෙන්ටෑ

:       0       0

nalin Friday, 25 June 2021 09:49 AM

ඒක වෙන්න ඇති නේද එරික් පෙරේරාව මාරු කලේ...? ටෝක් නම් දෙනවා.. ඒ වුණාට කරන්නේ අනිත් පැත්තට වැඩ ...

:       0       0

Harin Friday, 25 June 2021 10:35 AM

ඒකද වෙන්නප්පුවේ ඒ.එස්.පී. ව මීගමුවට දැම්මේ..?

:       0       0

Sri Lanka Friday, 25 June 2021 01:00 PM

හරි දේ මොකදද වැරදි දේ මොකද්ද කියලා වෙන් කරල ගැසට් එකක් ගහන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31349 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13568 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site