IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හොර දැව ඇද්දාට අමතක නොවන දඬුවමක්

(මනෝප්‍රිය ගුණසේකර)

බලපත්‍ර නොමැති දැව ප්‍රවාහනය කිරීමේ චෝදනාවට වරදකරු කළ දැව ජාවාරම් කරුවකුට රුපියල් 60,000/= දඩයක් නියම කළ කුරුණෑගල මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා නීතිවිරෝධී අයුරින් ප්‍රවාහනය කළ රුපියල් ලක්ෂ 5 කට ආසන්න තේක්ක දැව තොගය මෙන්ම එම දැව ප්‍රවාහනය කිරීමට යොදාගත් රුපියල් ලක්ෂ 50ක පමණ වටිනා ලොරි රථයද රාජසන්තක කිරීමට නියම කළේය.

විත්තිකරුට එරෙහි චෝදනා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් කිසිදු සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීරණය කරමින් විත්තිකරු චෝදනාවන්ට වරදකරු කළ මහේස්ත්‍රාත්වරයා දැව ජාවාරම්කරුට අදාළ දඬුවම් නියම කළේය.

රථයේ හිමිකරු වන විත්තිකරු විසින්ම නීති විරෝධී දැව ප්‍රවාහනය කොට ඇති බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇති හෙයින් ලොරි රථය සම්බන්ධයෙන් විමසීමක් කිරීමට අවශ්‍යතාවක් නොමැති බව තීන්දු කළ මහෙස්ත්‍රාත්වරයා නීතිවිරෝධී දැව ප්‍රවාහනයට යොදාගත්  ලොරි රථයද රාජසන්තක කළේය.

චෝදනාවට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ මාස්පොත වැවහේන පාරේ පදිංචි ඩී.බී. හේමපාල නැමැත්තාටය.

වාරියපොල කුරුණෑගල මාර්ගයේ මාස්පොත ප්‍රදේශයේදී වලංගු බලපත්‍රයක් නොමැතිව රුපියල් 4,58,228/- ක් වටිනා තේක්ක ඉරු දැව තොගයක් ලොරි රථයෙන් ප්‍රවාහනය කළ බවට විත්තිකරුට එරෙහිව කුරුණෑගල අඩවි වන නිලධාරිවරයා විසින් නඩු පවරා තිබිණි.

 



අදහස් (4)

හොර දැව ඇද්දාට අමතක නොවන දඬුවමක්

Kule Sunday, 29 August 2021 02:21 PM

අති විශිෂ්ට තීන්දුවක් .අශ්වයා පැන ගියාට පසු අස්තාලය වැසීමට ගත්තා දැයි සැකයි

:       7       11

Raveendra Sunday, 29 August 2021 03:25 PM

ඉතාම හොද දඩුවමක්. තවද ගස් කපපු ස්ථානවලම මේ ගස් හොරාගේ වියදමින්ම ගස් 100 වත් අතිරික දඩුවමක් දීමට හැකි නම් කොතරම් හොදද. කෙසේ වෙතත්නිසි දඩුවම් ලබාදීම පිලිබදව ගර අධිකරණයට අපගේ ආචාර්ය.

:       2       1

සමිත හිමි කුරුණෑගල Sunday, 29 August 2021 04:50 PM

ඉතාම හොඳ නඩු තීන්දුවක්. නඩුකාරතුමාට මගේ ප්‍රණාමය.

:       2       1

Lal Sunday, 29 August 2021 08:52 PM

නීති විරෝධී ක්‍රියාකාරම් වල දී අත්අඩංගුවට ගන්නා වාහන රාජසන්තක කළ යුතුයි. අහන්න ලැබිච්ච හොඳ නඩු තීන්දුවක්. මහේස්ත්‍රාත්තුමාට අපගේ ප්‍රණාමය.

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 559 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site