
(ඉන්දිකා රාමනායක)
ගලේවෙල බුලනවැව ගොම්මොට්ටාව රක්ෂිතය තුළ නීති විරෝධීව පවත්වාගෙන ගොස් තිබු ගල්කොරි දෙකක් වටලා රුපියල් කෝටි 6 ට අධික වටිනා වාහන සමග සැකකරුවෝ පස් දෙදෙනෙක් දඹුල්ල විශේෂ කාර්ය බළකාය කඳවුරේ භට පිරිස් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
දඹුල්ල බීට්ටු වන නිලධාරී කාර්යාල බල ප්‍රදේශයට අයත් මෙම රක්ෂිතය තුළ සැකකරුවන් බලපත්‍ර සහිතව ගල් කොරි පත්වාගෙන ගොස් ඇති අතර එම බලපත්‍ර කල් ඉකුත් වු පසු යළිත් අලුත් කර නොමැති බවද විශේෂ කාර්ය බළකාය පවසයි.
බලපත්‍ර අලුත් කිරීමකින් තොරව මෙම ස්ථානයේ ගල්කොරි පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරු මත නිලධාරීන් ඊ මෙම වැටලීම සිදුකර ඇත.
පස් කපන ස්කැවේටර් යන්ත්‍ර හතරක් , ටිපර් යන්ත්‍රයක් මෙම වාහන අතර තිබු බවත් අත්අඩංගුවට ගත් සැකකරුවන් මෙම යන්ත්‍ර ආධාරයෙන් කළුගල් හා පස් ඉවත් කරමින් සිටි බවද විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම ගල්කොරි දෙක දඹුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙක්ට අයත් බවට තොරතුරු හෙළි වී ඇති බවද විශේෂ කාර්ය බලකාය පවසයි.
ප්‍රධාන පාරට මීටර් 200 ක් -300 පමණ දුරින් මෙම ගල්කොරිය පවත්වාගෙන ගොස් තිබු බවද විශේෂ කාර්ය බලකාය පවසයි.

2025 දෙසැම්බර් මස 04
31
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
337
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
358
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හොර ගල්කෝරියක් වටලා කෝටි හයක යන්ත්‍ර සූත්‍ර අල්ලයි