(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඩිලංගා ගෝමස්)

මොරටුව අඟුලාන දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි හිටපු පොලිස් සහායකයකුගේ  නිවසක සඟවා තිබී   අත් බෝම්බ, කිනිසි, ඇතුළු ආයුද රැසක් සමග තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

අත් බෝම්බයක්,  මෙරට නිෂ්පාදිත  පිස්තොල දෙකක්, කිනිසි පහක්, ලොකු ප්‍රමාණයේ පන්නා පිහියක්,  සහ ආයුද කොටස් සහ විවිධ ප්‍රමාණයේ  උණ්ඩ 15ක් ද සැකකරුගේ නිවෙසේ තිබී සොයාගෙන ඇත.

ආයුද අපරාධ කල්ලිවලට ලබා දීම සඳහා මෙම ආයුද ළඟ තබාගත්තේ දැයි පොලිසිය සැකකරයි.