(මනෝප්‍රිය ගුණසේකර)
හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ ආබාධිත යුද හමුදා සෙබළකු ඇතුළු තිදෙනකුට කොළඹ මහාධිකරණ තුනකින් ජිවීතාන්තය දක්වා වු සිරදඬුවමක් සහ මරණ දඬුවම නියම කෙරිණි.
මත්කුඩු ජාවාරමේ යෙදී සිටියදී අල්ලා ගන්නා ලද ආබාධිත යුද හමුදා සෙබලා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි චෝදනා නීතීපතිවරයා විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරු තිදෙනා විත්තිකරුවන්ට අදාළ දඬුවම් නියම කළහ.
හෙරෙයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇති බවත් ආබාධිත යුද හමුදා සෙබලා ඇතුළු විත්තිකරුවන් හෙරොයින් ජාවාරමේ යෙදීම හේතූවෙන් සමාජය මහත් ඛේදජනක තත්ත්වයකට මුහුණ පා ඇති බවත් පෙන්වා දෙමින් මෙවන් අපරාධකරුවන්ට දැඩි දඬුවම් නියම කරන්නැයි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය ඇතුළු නීතීපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි රජයේ නීතීඥවරුන් කළ ඉල්ලීම් පිළිගත් විනිසුරුවරුන් විත්තිකරුවන්ට අදාළ ද`ඩුවම් නියම කළේය.
චෝදනාවන්ට වරදකරුවන්වීම නිසා ආබාධිත යුද හමුදා සෙබලාට ජිවීතාන්තය දක්වා වූ බරපතල වැඩ සහිත සිරද`ඩුවම් නියම වු අතර මොහොමඞ් ඊබ‍්‍රාහිම් මොහොමඞ් ජිෆ්රි සහ කනපති ජෙගම් නමැති විත්තිකරුවන් දෙදෙනාට මරණීය දඩුවම්ද නියම විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්දෙන් රට බේරපු රණවිරුවන්ව හිරේ දාල හරියනවද??? මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ.
ආබාදිත සෙබළුන්ට මාසිකව ලක්ෂයකට ආසන්න මුදලක් ලැබෙනවා .
මේක මහා ව්‍යසනයක්. ගම්වල තියෙන කුඩු මාෆියාව ගැන කියන්න ගම්වල මිනිස්සු ඉදිරිපත්වෙන්න බයයි. සිංහල කොල්ලෝ ටික විනාශ වෙලා යනකල් සිංහල දේශපාලකයොයි, පොලිසියයි බකන් නිලාගෙන ඉන්නවා .කන්ජි පානිල කුඩු ගහන්නේ නැහැ ,ගෙන්වල බෙදා හරිනවා විතරයි