(ටී.කේ.ජී.කපිල )
රුපියල් එක් කෝටි හය ලක්ෂයක් (1,06,00,000) ක් වටිනා හෙරොයින් තොගයක් ගුලි වශයෙන් සකස් කර ,ඒවා ගිල දමා ශ්‍රී ලංකාවට පැමිණ , කොළඹ සැඟවී සිටි පාකිස්තානු ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් මොවුන් 36 සහ 28 හැවිරිදි වියේ පසුවන්නන් බව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
ඔවුන් ඉකුත් ඉකුත් 25 දින පාකිස්තානයේ කරච්චි නුවර සිට ගුවන් මගින් මෙරටට පැමිණ ඇති අතර , කටුනායක ගුවන් තොටුපොළේ දී ඔවුන් එහි සේවය කරන රේගු නිලධාරීන්ට , ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන්ට හෝ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ට හසු නොවී කොළඹට පැන විත් තිබූ අතර , පසුව ඔවුන් කොළඹ කොල්ලුපිටිය , මුහුදුබඩ මාර්ගයේ නවාතැන් පොළක සැඟවී සිටියදී ලැබුණු තොරතුරු මත කළ වැටලීමකදී අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
ඔවුන් ගිල දමා සිටි හෙරොයින් ගුලි 89 ක් ඒ වනවිට ඔවුන් විසින්ම පිටතට ගෙන තිබූ අතර , ඒවා තුළ හෙරොයින්ග්‍රෑම් 891 ක් තිබූ බැව් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ උසස් නිලධාරීවරයෙකු පැවසීය .
මොවුන් අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , දින 07 ක කාළයක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා ගැනීමට කටයුතු කරන බවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ස ඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 04
565
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හෙරොයින් ගිල ලංකාවට පැමිණ සැඟව සිටි පාකිස්තානු ජාතිකයින් දෙදෙනා අත්අඩංගුවට
Nuwan Sunday, 28 October 2018 06:39 AM
අනේ පව් සාමයේ දුතයෝ!