(ටී.කේ.ජී.කපිල)
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් ගමන් බලපත්‍ර ව්‍යාජ ලෙස භාවිත කරමින් ශ්‍රී ලංකාවට ඇතුළු වීමට උත්සාහ කළ සිරියානු ජාතික පවුලක් අද (20) අත්අඩංගුවට ගෙන ඔවුන් ආ ගුවන් යානයෙන්ම ආපසු පිටත් කර යැවූ බව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු පවසති.
මෙම පවුලේ පියා 29 හැවිරිදි දන්ත වෛද්‍යවරයෙකි. මව 28 හැවිරිදි වියේ පසුවන්නීය.
ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ආගමන කවුළුව වෙත පැමිණි ඔවුන්, තමන් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි බව ප්‍රකාශ කර තිබේ.
එහිදී ඔවුන් ඉදිරිපත් කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ගුවන් ගමන් බලපත්‍ර පිළිබඳව සැක සිතී ඔවුන් සමඟ එම ලියකියවිලි ද ගුවන් තොටුපළ ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත යොමු කර තිබේ.
තවදුරටත් මේ පිළිබඳව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් අතරතුර ඔවුන් රැගෙන විත් තිබූ ගමන් මලු පරීක්ෂා කර බැලීමේ දී, ඒවා තුළ ඔවුන්ගේ සැබෑ සිරියානු ගුවන් ගමන් බලපත්‍ර තුන තිබී හමු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල කුර්දිෂ් සටන්කාමීන් ඉලක්ක කරගෙන තුර්කි හමුදාව විසින් උතුරු සිරියානු දේශසීමාවේ දරුණු ගැටුම් වලින් සිරියානු සිවිල් වැසියන් සිය ගණන් මරුමුවට පත්වෙලා. දහස් ගණනකගේ උන්හිටි තැන් අහිමිවෙලා. අද සිරියාව කියන්නේ සම්පූර්ණයෙන්ම යුද පිටියක්... මම හිතන්නේ මේ පවුලත් ජීවිත ආරක්ෂාව පතා, යුද අනාථයන් වශයෙන් කොහේ හෝ රැකවරණයක් බලාපොරොත්තුවක් ඇතිව ආපු ගමනක් බවයි මගේ හැඟීම... මේ ප්‍රශ්නය තව මීට වඩා මානුෂිකව හිතන්න තිබ්බා...
දැනට ඔයවගේ ආපු ගොඩක් ලංකාවේ ඉන්නවා. එලවන එක බොරු...
මුලු ලෝකයේම මුස්ලිම් බවට හරවපු රටවල් ඔක්කොම දන්නව මේ රටට ඈවිල්ලා ඉඩම් කඩම් අරගෙන අවුලක් නැතිව ඉන්න පුලුවන් කියලා. ඒක අපේ දේශපාලනය විසින් කරන දෙයක්. අපිට වඩා අන්තිම දුප්පත් රටවල් වලට ඕපන් වීසා ගහන්නේ ඔන්න ඕක නිසා. මර උගුලක් මේක.
පණ බේරාගෙන ආපු මිනිස්සුන්ට ටිකක් හොයල බලලා ඉන්න දෙන්නයි තිබුනේ.