ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ප්‍රශ්න කරමින් දැමූ ‘කමෙන්ටුවක්’ වාරණය කිරීම සම්බන්ධයෙන් විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉකුත් දා ෆේස්බුක් සමාගමට චෝදනා කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසියභාවය ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබේ. ශ්‍රී ලංකාවේ නීතිය අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි තැනැත්තන්ට ඡන්දයෙන් තේරී පත්වන තනතුරු දැරිය නොහැක.
ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු ජාතිකයකු බවත් ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිදැයි විමසමින් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ෆේස්බුක් සටහනක් තබා තිබිණි.
“රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයට තරග කළ හැකි ද ?” විමසමින් ෆේස්බුක් සටහනක් දැමූ අතර එය මේ වනවිට ඉවත් කර තිබේ.
“ජනාධිපති ධුරයට පත් වුවහොත් ඔහුට දිවුරුම් දිය හැකි ද ? තනතුරේ බලතල දැරිය හැකි ද? ” යනුවෙන් ද එම ෆේස්බුක් සටහනින් විමසා තිබිණි.
ගෝඨාභය රාජපක්ෂ මහතා 2003 වසරේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබාගත්තේය. වසර 20කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ සේවය කරමින් සිට ඉන් ඉවත්ව ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් වෙත සංක්‍රමණය විය. ඒ මහතා 2005 වසරේදී නැවත වරක් ශ්‍රී ලංකාවට පැමිණි අතර සිය සහෝදරයාගේ සමයේදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්විය. එසේ පත්වීම් ලැබීමට පෙර තමන් ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගත් බව ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
තමන් ඇමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය අත්හළ බව ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථීරවම කියා සිටී.
ෆේස්බුක් සමාගම තම අමාත්‍යාංශයට අයත් නිල ෆේස්බුක් පිටුවෙන් අදාළ ෆේස්බුක් සටහන ඉවත් කර ඇති බවත් සිය ට්විටර් ගිණුම ඔස්සේ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු චෝදනා කළේය. එම ෆේස්බුක් සටහනම හරීන් ප්‍රනාන්දු මහතාගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ දක්නට තිබේ. රාජපක්ෂ මහතාට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහාය හිමිවන බවට ද හරීන් ප්‍රනාන්දු මහතා චෝදනා කරන අතර එහි තිරඡායාරූප ද (ස්ක්‍රීන්ෂොට්ස්) ද හරීන් ප්‍රනාන්දු මහතා විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබ තිබේ.
“ඇමෙරිකාව වෙනුවෙන් ඇමෙරිකානු සමාගම් ශ්‍රී ලංකාවේ මැතිවරණයට මැදිහත් විය යුතු නැහැ. මම කිව්ව දේ වෙනුවෙන් මම පෙනී සිටිනවා” යැයි හරීන් ප්‍රනාන්දු මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.
ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය සාමාන්‍යයෙන් පෞද්ගලික හෝ රහසිගත තොරතුරු ඇතුළත් ඕනෑම සටහනක් (පෝස්ටුවක්) ඉවත් කරන බව ෆේස්බුක් සමාගමේ ප්‍රකාශකයෙක් පැවැසීය.
“අපි දැනගත් විගස අපි මෙම අන්තර්ගතය (ෆේස්බුක් සටහන) ඉවත් කළා”ෆේස්බුක් සමාගම ප්‍රංශ පුවත් සේවයට ප්‍රකාශ කළේය.
මේ අතර ෆේස්බුක් සමාගම (ෆේස්බුක් සමාජ ජාලය) දේශපාලන කතා වාරණය නොකරන බව එම සමාගමේ ප්‍රධානී මාර්ක් සකර්බර්ග් පසුගිය මාසයේදී පැවැසීය.
“තාක්ෂණික සමාගම් 100%ක් සත්‍ය යැයි තීරණය කරන දෑ පමණක් දැකිය හැකි ලෝකය ඔබ ජීවත් විය යුතු යැයි මම හිතන්නේ නැහැ” යැයි ඔහු කීවේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ද පැවැත්වෙන අතර මැතිවරණයෙන් පසු ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් ද පැවැත්වීමට නියමිතය.
එහෙත් ඔහු ජයග්‍රහණය කළහොත් ධුර කාලය තුළදී මුක්තිය හිමි වන බැවින් එයින් ඔහුට බලපෑමක් සිදු නොවනු ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල දිගින් දිගටම තර්ක විතර්ක, වාද විවාද දක්නට ලැබේ. රාජපක්ෂ මහතාගේ නීතිඥයන් අවලංගු කළේ යැයි කියන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගුවන් ගමන් බලපත්‍රයේ පිටපතක් මාධ්‍ය හමුවකදී පෙන්වූ අතර එය අසත්‍ය ලියවිල්ලක් යැයි ද චෝදනා එල්ල වී තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.
ජනාධිපතිවරණය සෙනසුරාදා (නොවැම්බර් 16) වැනිදා පැවැත්වීමට නියමිත අතර ඊට අපේක්ෂකයෝ 35 දෙනෙක් ඉදිරිපත් වී සිටිති.
(ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි)
055

COMMENTS
මොකද ෆේස්බුක් සමාගමත් රාජපක්ෂලා සල්ලිවලට අරන් වගේ...!!!
අනේ..!!! අම්මපා මේ අපේ ඇනලොග් වලින් ඩිජිටල් වැඩකරපු අර මේ.. අර බයට තාත්තා කිව්ව නිසා ඇඳයට තපස් රැක්ක බදුලු වීරයා නේද...?
අතන, මෙතන බොරුවට කතන්දර කියකියා ඉන්නේ නැතුව යන්නකෝ මහත්තයෝ අධිකරණයට... ඔයාලා හැමදාම කලේ බයිල ගහන එක විතරයි හරියට... ඔය සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් තියෙනවා. දැනටමත් ඔයාලට අමතක වුණාට. ඔයිට වඩා වැදගත් දෙයක් කියන්න. නැත්තන් අපේ කාලේ අපරාදේ...
ලැජ්ජයි!, පරදින බව දැනෙනකොට...
එකම ගල අහුල අහුලා ගහන්නේ... ආයුධ අවසන් වුණු පරාජිතයෙක්... එජාපයේ එකම අනාගත ශක්තිය "නවීන් දිසානායක" පමණයි. ජනපතිවරණය සජිත් පැරදුණාට පස්සේ "නවීන්" එක්ක අලුත් පිරිසක් මහමැතිවරණයට ඉදිරිපත් වුණොත් ලොකු පෙරලියක් බලාගන්න පුලුවන්. හැබැයි අතීතෙ ඉඳන් ඉන්න අය ඉවත් වෙන්න ඕනෑ.
තමන්ගේ ජයග්‍රහණය විශ්වාසනම් මොකටද මේ බොරු කකුල් මාට්ටු දාන්නේ. නඩු දැම්මා, මඩ පත්තර ගැහුවා ...........මේ කරන දේවල් වලින් තවත් ජන්ද අඩු වෙනාවා.
බොරු නඩුත් දාලා මේ මනුස්සයව උසාවි ගේන්න පුළුවන් නම් ඇයි පුරවැසිභාවය ගැන මෙතරම් කරදර...? සෙල්ලම් කරන නම් පිටියට බැහැලා ප්‍රතිවාදියත් සමග සෙල්ලම් කරන්න මහත්තයෝ.... නිකම් බොරු රඟපෑම් නැතිව...
ඔබතුමාට කියන්න තියෙන්නේ මේ වගේ වැඩ කරන්න එපා කියලා. ඡන්දෙ දිනලා එන්නකෝ.
හරීන්ට නිවැරදි තීරණ ගන්න පුලුවන්. පාස්කු ප්‍රහාරය ගැන දැනදැනත් කාටවත් කිව්වේ නෑ. නමුත් ගෝඨාභයගේ කොමෙන්ටුව ගැන ලෝකෙටම කියනවා.
අර පාස්කු ඉරුදින බෝම්බයෙන් බිලිවූ 350ක් පමණ ජනතාව බේරාගන්නේ නැතිව දැන් පොරක් වෙලා නඩුදන්න හදනවා. අැයි පරදිනවා කියලා දන්නවනේ...
බොරුවෙන්ම ජීවත්වන එජාපයේ මිනිස්සුන්ට දැන්වත් හිතලා, මේවා දැකලා මේ වගේ ලැජ්ජ නැති වැඩකරන අයට තවත් ඡන්දය දිය යුතුදැයි සිතීමට හොදම අවස්ථාවයි මේ.මඩින් නැතුව ගොඩින් එන්න කියා කියද්දිත් මඩ මතම යැපෙන මොවුන් පරාජය කිරීම මුලු රට වැසියාගේම වගකීමකි.
ඇයි ගෝඨාට බැරි ඇමරිකන් තානාපති හරහා සත්‍ය හෙලිකරවාගන්න... එතකොට මේ විචිකිච්ඡාව නැහැනේ...
සාටකයින්ගේ තියෙන්නේ බොරුවනේ. අපේ රටේ අයත් මේ ගොල්ලන්වම බලයට ගේන්න දත කන හැටි. එදත් රැවටුණා. අදත් රැවටුණා. හෙටත් රැවටෙනවා.
අවුරුදු ගාණක් බොරු කියලා දැන් තවත් බොරු කියන්න එපා. අර්ජුන මහේන්ද්‍රන් ගෙනැල්ල මහ බැංකුව කොල්ල කනකොට පුරවැසි භාවය දැක්කේ නැද්ද? ඇමරිකාවත් එක්ක ගිවිසුම් ගහලා ඉඩම් ටික දෙන්නේ රෙදි ඇඳගෙනද? පාස්කු පහර දීම දැනගෙන ගෙදරට වෙලා ඉන්නේ නැතිව එක ට්වීට් කළා නම් අද 300ක් ජීවත් වෙනවා. ඒ නිසා දැන්වත් ගොන් කතා කියන්න එපා. මොකද මිනිස්සු හැමදාම අන්දන්න බැහැ.. අපිත් තමුන්ගේ ගොන් කතා අහලා 2015 ඡන්දෙත් දුන්නා...
සිංගප්පූරුකාරයා මහ බැංකුවට වැඩේ දුන්නා. ඇමෙරිකන්කාරයා රටටම දෙයිද?
අනේ මේ පුරවැසිකම ඇති අනේ.. වෙන දෙයක් හොයාගනිල්ලකෝ...!!!
"තම අමාත්‍යාංශයට අයත් නිල ෆේස්බුක් පිටුවෙන්". මේ පොදු දේපල අවභාවිතාවක් නේද? අමාත්‍යංශ වෙබ් අඩවිය ඡන්ද වැඩට යොදාගන්නේ කොහොමද?