
(යොහාන් භාසුර)
කර්මාන්ත අමාත්‍යංශය සහ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය අතර එකඟතා ගිවිසුමක් කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේදී අද (30) අත්සන් තැබීය.
කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක සහ මෙරට එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ නියෝජිත ආචාර්ය රිනෙ වෑන් බර්කල් යන මහත්තුරු මෙම ගිවිසුමට අත්සන් තැබූහ.
එම අවස්ථාවට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේ එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානය (UNIDO) සමග එළඹි මෙම ගිවිසුමත් සමග 'හරිත සංකල්පය යටතේ කාර්මිකකරණය ප්‍රවර්ධනය කිරීම' ඇතුළු එකඟතා අනුව යමින් නව කර්මාන්ත කලාප ඉදිකිරීම ඇතුළු කර්මාන්ත අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන සියලු කටයුතු ඉටු කරමින් ශ්‍රී ලංකාවේ කාර්මිකකරණයේ ලකුණ, 'හරිතමය ලකුණක්' බවට පත් කිරීමට අවශ්‍ය පුරෝගාමීත්වය ලබාදෙන බවයි.
COMMENTS
හරිත වැඩිවෙලා නිසාද වනාන්තර අක්කර ගණන් එළි කරකර හෝටල් හදන්නේ?
හරිත කියන නම වෙනස් කර කුරහන් කාර්මීකරණය කියල යොදමු. එතකොට පොහොට්ටුවටත් හොඳයි.
ඇත්තටම මේ විමල්ද? වෙන්න බැහැ. විමල්ට එක්සත් ජාතීන්ගේ සංවිධාන තිත්තයි. මේ වැඩේ පහුගිය ආණ්ඩුව කළා නම්, අද මේ විමල් පාරට බැහැල, මාරාන්තික උපවාසයත් කරල, කළු කොඩිවලින් රටේ වටේම සරල ඇති.