දෙමටගොඩදී තරුණයකු පැහැරගෙන ගොස් පහරදුන්නැයි චෝදනා ලැබ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට අද (10) නියෝග කළේය.
2015 වසරේ දෙසැම්බර් මස සිදු වූ මෙම සිද්ධියට අදාළ නඩුව අද කැඳවු අවස්ථාවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී නොසිටියාය.
මෙම නඩුව ජූනි 17 කැඳවන්නැයි ද අධිකරණය නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ, මේ අහිංසකාවිය මොකටද අත්අඩංගුවට ගන්නේ අප්පා...? රන්ජාගේ දුරකථන ඇමතුමක්වත් අහලද මන්දා.... මේ වගේ අයව අත්අඩංගුවට ගන්නේ...?
ඔන්න සර්ගේ එක නීතියක්, එක රටක් අකුරටම වැඩකරන හැටි... ඔවුන් බලයේ ඉද්දි මොවුන්ගේ අය හිරේ දානවා. ඊට පස්සේ මොවුන් බලයට ඇවිත් ඔවුන්ගේ අය හිරේදානවා. අල්ලන සෙල්ලම් වගේ ඔක්කොම රඟපානවා විතරයි. අප්‍රසන්නයි හැම කෙනෙක්ම...