(ශාන්ත චන්ද්‍රසිරි)
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ වන සතුන් බෝවන ස්ථානයක බාධාකාරී ලෙස හැසිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් 40,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (09) නියෝග කළේය.
මෙලෙස දඩ ගෙවීමට නියම වුයේ රාගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට සහ පිරිමි පුද්ගලයෙකුටය.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ වන සතුන් බෝවන අති සංවේදී පරිසර කලාපයක මෙම යුවළ එකී ක්‍රියාවන්ට බාධා වන අයුරින් සැරිසරමින් සිටි බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න මහතා අධිකරණයට කරුණු දක්වමින් කීය.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් විසින් මෙම දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉරිපත්කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාධාකාරි ලෙස හැසිරුණයි කියන්නේ දෙන්නා එක්ක ගුටි කෙළ ගත්තාවත්ද? පැහැදිලි මදි නිසයි ඇහැව්වේ...
මෙතන එම යුවලටද කර ඇත්තේ බාධාවක්... ඔවුන් දෙදෙනාද එම ක්‍රියාවට ගියාද දන්නේ කවුද?
අම්මප මුන්ට වෙන තැන් නැතුවද වන සත්තු බෝකරන තැනවලට ගියේ?
මට හරියට තේරුනේ නැහැ. ඕවා කරන්න හෝර්ටන් තැන්නටම ගිහින්ද?... චී චී මට නම් හරි ලැජ්ජයි...