
(ශාන්ත චන්ද්‍රසිරි)
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට බීමතින් ඇතුළු වී සතුන්ට පීඩාකාරී ලෙස හැසිරීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් 80,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (30) නියෝග කළේය.
එක් අයෙකුට රුපියල් 40,000 බැගින් රුපියල් 80,000 ක දඩ මුදලක් ගෙවීමට නියම වුයේ වලස්මුල්ලප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුහටය.
මෙම සැකකරුවන් වනෝද්‍යානයට බීමතින් ඇතුළුව එහි නිදැල්ලලේ සැරිසරන ගෝනුන් ඇතුළු අනෙකුත් වන සතුන්ට පීඩාකාරී ලෙස හැසිරෙමින් සිටියදි අත්අඩංගුවට ගත් බව අධිකරණයට කරුණු දක්වමින් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නිලධාරීහු පැවැසුහ.
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න, වනසත්ත්ව අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ යන මහත්වරුන් මෙම වැටලීම කර සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.
COMMENTS