
(නිමන්ති රණසිංහ)
ඩුබායි රාජ්‍යයේ සිටින “නඳුන් චින්තක වික්‍රමරත්න” නොහොත් ‘හරක් කටා” නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා ඉකුත් 2020 වර්ෂයේ මාස පහක කාලය තුළ හෙරොයින් කිලෝ 720ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 240ක් සහ නවීන පන්නයේ මිලිමීටර් නවය වර්ගයේ පිස්තෝල අවි 20ක් මෙරටට එවා ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය මාතර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
‘මිදිගම නදුන්’ නොහොත් ‘හරක් කටා’ නමැති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවා සමඟ සම්බන්ධ වෙමින් හෙරොයින් ඡාවාරම සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලසන්ත වික්‍රමසේකර නොහොත් “මිදිගම ලසා” නැමැත්තාගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරිම් හමුවේ මෙම කරුණු අනාවරණය වී ඇතැයි ද නිති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය අධිකරණය දැනුවත් කර තිබේ.
හරක් කටා නැමැත්තා ඩුබායි රාජ්‍යයේ සිට දුරකතන අංක 05කින් මෙම සැකකරු හා සම්බන්ධ වෙමින් මෙම ඡාවාරම සිදුකර ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇති බවත්, ජාත්‍යන්තර මුහුදු තීරය ඔස්සේ ඉරානය හා පාකිස්ථාන් නෞකා මගින් මෙරට මුහුදු සීමාවට රැගෙනවිත් ඇති මෙම හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය මෙන්ම ගිනි අවි බහුදින ධීවර යාත්‍රා උපයෝගී කරගනිම්න් රටතුළට ගෙනැවිත් ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
ඒ අනුව, 2020 ඔක්තෝම්බර් මස ‘කනිල් පුතා’ යාත්‍රාවෙන් හෙරොයින් කිලෝ 250ක්, නොවැම්බර් මාසයේදී ‘ලක්මිණී 10’ නැමැති බහුදින ධීවර යාත්‍රාවෙන් හෙරොයින් කිලෝ 50ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 235ක් සමග නවින පන්නයේ මිලිමීටර් නවය වර්ගයේ නවතම පිස්තෝල 20ක් සහ ඉකුත් 2021 වර්ෂයේ පෙබරවාරි මස සහරා නමැති බහුදින යාත්‍රාවෙන් හෙරොයින් කිලෝ 390ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලේ 5ක් දකුණු මුහුදු තීරයේ වැලිගම, මිරිස්ස, යන ප්‍රදේශවලින් මෙරට රැගෙන ඒම සිදුව ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
2025 දෙසැම්බර් මස 04
300
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
417
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘හරක් කටා”ගේ හපන්කම් අධිකරණයට
කිරිපුතා Thursday, 02 December 2021 12:36 AM
මත්ද්‍රව්‍ය ගෙනැල්ලා තියෙන්නේ සිමෙන්ති ගෙනාවා වගේ... ගෙවල්වත් හදනවාද දන්නේ නෑ ඒවාගෙන්...?
Bunny Preena Thursday, 02 December 2021 09:33 AM
සවිස්තරාමක වාර්තා කිරීමක් .නඩුව අහල තීන්දු දෙනන කොච්චර කාලයක් යයිද දන්නැ
Royfedricks Thursday, 02 December 2021 11:53 AM
හරක් කටා කිව්වේ අර ජේ වී පී එකේ ඉන්න කාලේ ටෙලිපෝන් කඩයක් දාගෙන හිටපු මිනිහ නේද? අර දෙපාරක්ම උපවාස කරල නොමැරී හිටිය එකා නේද? අර අර භූතයෙක් ව්‍යාඝ්‍රා ඉල්ලන ගෙයක් තියෙනවා කියල සරත් ෆොන්සේකා කිව්වෙ ඔය යකා ගැන නේද?