(නිමන්ති රණසිංහ)
ඩුබායි රාජ්‍යයේ සිටින ‘‘මිදිගම නදුන් චින්තක’’ නොහොත් ‘හරක් කටා’’ නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ නැන්දණීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (21) අත්අඩංගුවට ගනු ලැබ ඇත.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිති විරෝධී දේපල හෝ වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ, මුදල් විශුද්ධීකරණ පනත ප‍්‍රකාරව සිදුකරන ලද විමර්ශනයකට අදාළව ය.
සීදුව රද්දොථගම ප‍්‍රදේශයේ පිහිටි රුපියල් එක් කෝටි දස ලක්ෂ්‍යක් වටිනා සුඛෝපභෝගී නිවසක් හෙරොයින් මත්ද්‍රව්‍ය ඡුාවාරමෙන් උපයා ගන්නා ලද බව කියන මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද (21) එම සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබිණී.
සැකකාරිය අද (21) කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd