(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තමාගේ අමාත්‍යාංශයේ යටතේ තියෙන ආයතනයකින් එක ශත පනහක් හොරකම් කර හෝ වංචාකර හෝ කොමිස් මුදලක් ලබාගෙන හෝ ඇතැයි කවුරුන් හෝ ඔප්පු කළහොත් තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් නොව මුළු දේශපාලනයෙන්ම සදහටම සමු ගන්නා බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවැසීය.
"සෙක්කුව යට ඉඳගෙන චොක්ලට් කෑවත් ඒක දකින කෙනා හිතන්නේ පුන්නක්කු කනවා කියලා" යැයි මෙහිදී පැවසූ ඇමැතිවරයා පොලිස්පතිවරයා සුදුළූනු වංචාවේ නියම හොරුන් අල්ලා ගත යුතු බවද සඳහන් කළේය.
ගුණවර්ධන මහතා මෙසේ පැවසූවේ පාරිභෝගික කටයුතු අධිකාරිය(සංශෝධන)පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
බන්දුල ගුණවර්ධන මහතා මෙසේද කීය.
පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ තුෂාන් ජයවර්ධනගේ කතාවක් ඊයේ ජාතික පුවත්පතක පළ වී තිබුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ කාලයේදී අමාත්‍යාංශ බෙදුවේ අලුත් ක්‍රමයකට. ඇමැතිවරුන්ගේ බලතල වගකීම් වෙන වෙනම ගැසට් කළා. අයවැයෙන් මුදල් වෙන් කරල රාජ්‍ය අමාත්‍යාංශයටත් ලේකම්වරයෙකු පත් කරලා තියෙනවා. ඒක තමුන්නාන්සේලාට පුරුදු එකක් නෙවෙයි.මිල නියම කිරීම පිළිබඳ බලතල තියෙන්නේ මගේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමාට.
ඒ වගේම සමුපකාර දෙපාර්තමේන්තුව පිළිබඳ සියළුම බලතල තියෙන්නෙත් එතුමාට.ඒ සඳහා එතුමාට වෙනම මුදල් ප්‍රමාණයක් වෙන් කෙරෙනවා. කැබිනට් පත්‍රිකාවක් අවශ්‍ය වෙනකොට මා ලවා ඒක කරගන්නවා. ජාතික ප්‍රතිපත්තිය ගැන වග කියන්නේ මම. අනෙක් අමාත්‍යාංශයවලත් ඒ වගෙයි. ඇමැතිවරයායි රාජ්‍ය ඇමැතිවරයායි වෙනස් විදිහට සිතුවොත් එතැනදී ගැටුමක් නිර්මාණය වෙනවා. මෙතන ගැටලුවක් නැහැ. මොකද උසස් අධ්‍යාපනය හදාරන අවධියේ දී මම එතුමාට මේ විෂය ගැන කියලා දීලා තියෙනවා. එතුමා ඒ අනුව ගුරුවරයකු ලෙස සේවය කරලා තියෙනවා. මම ගුරුවරයා ලෙසත් එතුමා ගෝලය ලෙසත් අප පොදු ගැටළුවලට මුහුණ දෙනවා විනා අපි අතර කිසිම ගැටුමක් නැහැ.
පාරිභෝගික කටයුතු අධිකාරියේ කිසිම රැස්වීමකට මම සහභාගි වෙලා නෑ. කිසිම දවසක ගියේ නැහැ. පාරිභෝගික ආරක්ෂණ පනත ගැන සාකච්ඡා කරන්න එන්න කියලා එතුමා මට ආරාධනා කළා. අන්න එදා ඒකට විතරක් ගියා. මේ ප්‍රකාශය කරන ගුණවර්ධන මහත්මයා සසර වසනා තුරු මම මේ ඇස් දෙකට දැකලා නැහැ. මේ සංසාර ගමනේදී. මම කිසිම උපදෙසක් දෙන්න හෝ එතුමාට කතා කරලා නැහැ. ඒ පුද්ගලයා රාජ්‍ය නිලධාරියකු නොවෙයි.
එවිට පුද්ගලයෝ දේශපාලනික වශයෙන් විවිධ තනතුරුවලට පත් වෙනවා. එතුමා මේ පත්වීම ලබාගෙන තියෙන්නෙ චමල් ඇමැතිතුමාගෙන්. සතොස සුදුළූණු ගැන විමර්ශනයක් කරන්න මම ඉඩ දුන්නේ නැතැයි එතුමා කියනවා. පුදුමය නම් ඒක නෙමෙයි. වගකිවයුතු ජාතික පුවත්පතක මේ ගැන කතුවැකියකුත් ලියවෙනවා. මේවා අපි සියලු දෙනාටම හොඳ පාඩම්. සතොස සුදුලූනු විමර්ශන ආරම්භ වූවාට පසු තනතුරුවලින් යන්න කියලා ගුණවර්ධනට තර්ජන එනවා කියලා ඒ කතුවැකියේ තියෙනවා. මෙපමණ විශාල වංචාවක් බලවතකුගේ අනුදැනුමක් නොමැතිව සිදු වන්නේ නැත කියලත් ඒකෙ සඳහන් වෙනවා. එතකොට මෙතැන බලවතකුත් ඉඳලා තියෙනවා.තර්ජනයකුත් වෙලා තියෙනවා. හෘද සාක්ෂියට එකඟව මම මේ සභාවට එක දෙයක් කියන්න කැමතියි.
මේ අමාත්‍යාංශය යටතේ මම හෝ මගේ පවුලේ දරුවකු හෝ සත පහක හෝ වංචාවක්, දූෂණයක්, අක්‍රමිකතාවක් කරල තියෙනවා කොමිස් මුදලක් අරගෙන තියෙනවා කියලා හෙට ඔප්පු කළහොත් අනිද්දට මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙන්නෙ නැහැ. මම සදහටම මේ දේශපාලනයට ආයුබෝවන් කියනවා.
COMMENTS
අනේ මහත්තයෝ, පව් දෙන්න එපා. ඕක හැම හොරාම කියන එකක්නේ.... ඔප්පු කරලා පෙන්නන්න කියන එක. අපිට මතකයිනේ අල්ලස් එකෙන් එන්න කියපු අවස්ථාවේ නයා ගහපු ඇමති අල්ලස් නඩුවෙන් නිදහස්නෙ නේද? ‘
බන්දුල අයියා වෙත ලියමි. ඔබගේ දුක් කෙසේ වෙතත් සැප කෙසේද ? අප නම් එදා වේල බැරි බැරි අමාරුවෙන් ජයටම බුක්ති විඳින්නෝය .බන්දු අයියේ තමන් හොරෙක් නොවේ නම් හොරකම් කර නොමැති නම් ඇයි මෙතරම් කේන්තියෙන් මල පැනල කෑමොර දෙන්නේ. තමන් අවංක නම් ඕන එකෙක් උඩු බිරුවත් නොසැලී සිටීම නොවේද වැදගත් වන්නේ..... තමන් අවංක නම් තමන්වස්වභාවධර්මයා විසින් ආරක්ෂා කරනු ඇත.මීට රට විනාශ කරන සියලුම දේශපාලුවන්ට හදවතින්ම තු නොදකින් කාලකන්නි යයි නිරතුරුවම ප්‍රකාශ කරන ලක්මවගේ දරුවන්....
ආර්ථික විද්‍යාවේ කෙළ පැමිණි බන්දුලට... අට,පහ තුන එකතුව කීමෙන් ඵල කුමට... හොරකම් නොකළත් හොරා යයි කියනවිට... හොරෙක් නොවේ නම් ඇයි මේ විරසකයට...
හොඳම දේ පොලිස්පතිතුමා ලවා විමර්ශන කඩිනම් කර වැරැදිකරුවන් රටට හෙළිකිරීමයි කළ යුත්තේ... එවිට ඔබතුමාගේ නිර්දෝෂී භාවය එයින් දැකිය හැකියි.
අනේ එපා අයියෝ .ඔයා නැතුව හරි බෝරින් .ඔයා නැත්තනම් 2500යේ කතා කියලා අපිව නලවන්නේ කව්ද ?
ඔප්පුකර ගත්තත් කොමිසමක් පත්කොට ඒ ගැන විස්තර කරන්නෙ නෑ කියල දිව්රන්න .
සරලයි දේශපාලනයට එන්නට පෙර සහ ඊට පසු වසර වල ,තමන්ගේ ,තම පවුලේ ආදායම් ,දේපල විස්තරයක් සභාගත කරන්න
හොරකම් කරපු එකෙක් වත් නැහැ ,රට ණය වෙනවා, සතොස පාඩු ලබනවා.පාර්ලිමේන්තු ඉන්න උන් කෝටි පතියෝ වෙනවා, එකෙක් වත් හොරකම් කරලා . එන්න කටේ සූප්පුවක් ඔබන්න !!
මෙයා හොරකම් කරන්නේ නැහැ. මහපරිමාණ සමාගම්වලට සහ ගෝලයන්ට හොරකම් කරන්න මාර්ගය සකස් කරලා දීලා ඔවුන්ගෙන් කොමිස් එකක් ගන්නවා.
මේවා අහලා පණ පලයන් පෙරේදා...!!!
අන්තිමට බලනකොට ඔබතුමා හම්බ කරලත් නෑ. රට දියුණු වෙලාත් නෑ. එහෙනම් ඔබතුමා අස්වෙලා යන්න. ගිහින් අඩු ගානේ ඔබතුමාට ප්‍රයෝජනයක් වන වැඩක් කරගන්න.
කවුද ඇත්ත කියන්නේ බොාරු කියන්නේ
හැමෝම අපිව මෝඩයට අන්දවනවා
මෙයාගෙ අතීතය බොහෝ දෙනකු නොදන්නා පාටයි. මෙයාට ඇත්තටම හොරකමේ යන්න ඕන නැහැ . ඇමති පඩිය නොගන්නා අයෙක් . ටියුෂන් කරන කාලෙ ඉඳන්ම ධන කුවේරයෙක්.
නිකම් බොරු එපා ඇමතිතුමෝ
ඔයාගේ කයිවාරුවයි කෙරුවාවයි දෙකක් බව එහෙයියෝ නොවන සැවොම අවබෝධ කරගෙන ඉවරයි