(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

අවිස්සාවේල්ල සහ කොස්ගම පොලිස් බල ප්‍රදේශ හුදකලා කිරීම හේතුවෙන්  කොළඹ සිට  අවිස්සාවේල්ල දක්වා ධාවනය වන සියලු ම පෞද්ගලික බස්රථ කලුඅග්ගල දක්වා පමණක්  ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි  බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය.

ඒ අනුව මාර්ග අංක (122) හයිලෙවල් මාර්ගය හරහා පිටකොටුව හා මහරගම  සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන බස් රථ  හා මාර්ග අංක 1/3 ලෝලෙවල්  මාර්ගය හරහා පිටකොටුවේ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන  බස් රථ කළුඅග්ගල බස් නැවතුම්පළ දක්වා  ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි පැවසයි.

එසේම මාර්ග අංක 239/2  පාදුක්ක සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන බස් රථවල ගමනාන්තය ද කළුඅග්ගල බස් නැවතුම්පළ දක්වා පමණක් ධාවනය  වන බවත් මෙම පියවර හෙට(25)දා සිට ක්‍රියාත්මක වන  බවත් සභාපති ප්‍රසන්න සංජීව මහතා වැඩිදුරටත් පැවසීය.