(නිමල කොඩිතුවක්කු)
ජනාධිපතිවරණයේදී වේදිකාවක් වේදිකාවක් පාසා සතුටුද, සනීපද, සන්තෝසද කියා වත්මන් ආණ්ඩුවේ පිරිස් ජනතාවගෙන් විමසුවත් ඔවුන් ඉදිරිපත් කළ වැඩපිළිවලින් රටටත් ජනතාවටත් සැපක් සන්තෝසයක් වෙනුවට හැම තැනකම අකාර්යක්ෂම රාජ්‍ය පාලනයක් පෙන්නුම් කළ බව සමගි ජනබලවේගයේ නායක විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා කොළඹදී අද (3) පැවසීය.
ජනතාවට බොරු පොරොන්දු දී අකාර්යක්ෂම පාලනයක් ගෙන ගිය රාජපක්ෂ රජය පෙරලපලා දමා සැබෑ ජනතාවවාදි පාලනයක් පත්කර ගැනීමට මෙවර මහමැතිවරණයෙන් ජනතාවට අවස්තාව ලැබී ඇතැයි ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
කොළඹ, මාර්ක්ස් ප‍්‍රනාන්දු මාවතේ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේද කීය.
‘‘අද දවසේ අපි විපක්ෂනායක වගකීමෙන් බැහැර වුනත් මේ කෙටි කාළය තුලදී යම් වගකිවයුතු කාර්යභාර්යයක් ඉටුකිරීමට අපට හැකිවුණා.
දැන් මේ ආණ්ඩු බලය ලබා සිටින පිරිස පහුගිය ජනාධිපතිවරණයේ දී ඉතාම ඉහළින් දේශීයත්වය, අපේකම, ස්වදේශීකත්වය, රටටත් ජනතාවටත් මුල්තැන දිම ගැන ඉතාම ඉහලින් කතා කළා. අද මේ වනවිට ඒ කතා පුස්සක් බවට පත්ව තිබෙනවා.
අද අපේ රටේ ජනතාව බරපතල අර්බුදයකට මුහුණ පා තිබෙනවා. විශේෂයෙන්ම අපේ ධීවරයින් ගැටලූ රැසකට මුහුණ දී තිබෙනවා. ජාත්‍යන්තර මුහුදේ මත්සය කර්මාන්තයේ නියැලෙන විදේශීය යාත‍්‍රා රාශියක් මේ වනවිට අපේ රටේ වරායන් උපයෝගී කරගැනීම හේතුවෙන් දේශීය ධීවර කාර්මිකයාට විශාල ප‍්‍රශ්ණයකට මුහුන දෙන්න සිද්ධ වෙලා තියෙනවා.
අපේ රටේ බහුදින යාත‍්‍රා 6000ක් පමණ තිබෙනවා. 40000 කට ආසන්න පිරිසක් සෘජුව ධීවර කර්මාන්තයේ යෙදෙනවා. වක‍්‍රව ගත්තොතේ අපේ රටේ ලක්ෂ දෙකකට පමණ මේ තත්වය බලපානවා.
දීර්ඝ කාලයක් අක‍්‍රමවත් ලෙස මත්ස්‍ය කර්මාන්තයේ නියැලූණු නිසා යුරෝපා සංගමය අපේ රටේ අපනයන වලටත් තහංචි දැම්මා. විදේශීය යාත‍්‍රා අපේ මුහුදු සීමාවේ ධීවර කර්මාන්තයේ නැයැලිලා අපේ ධීවර වරායන් පාවිච්චි කිරීම හේතුවෙන් අපේ ධීවර කර්මාන්තය බරපතල කඩා වැටීමකට ලක්වෙමින් තිබෙනවා.
බහුතර ධීවර ජනතාවකගේ ආශිර්වාදයකින් බිහිවුන මේ වර්ථමාන රජය බලයට පත්ව දින 100 ඉක්මවලා යනවිට අපේ රටේ ධීවර පවුල මේ තරම් ඉක්මණට අමතක වුණාද කියලා මම අහන්න කැමතියි.
වත්මන් රජය දේශීය ධීවර කර්මාන්තය මුළුමනින්ම අමතක කරලා ධීවර පවුල් සම්පූර්ණයෙන්ම පැත්තකට දාලා දේශීයත්වය වෙනුවට විදේශීය යාත‍්‍රා වලට මේ විශේෂ සැළකිල්ල ලබාදෙන්නේ තමන්ට දේශාභිමානය අමතක වෙලාද කියලා අපි මේ ආණ්ඩුවෙන් අහනවා.
විපක්ෂනායකවරයා ලෙස කටයුතු කළ මේ කෙටි කාළය තුළ පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතදීත් මම නිතරම ජනතා ගැටලූ මතුකලා. විපක්ෂනායකවරයා ලෙස ප‍්‍රශ්න නැගීමට මට ලැබෙන සෑම අවස්ථාවක්ම ප‍්‍රයෝජනයට ගෙන මම ක්ෂේත‍්‍ර අටක ගැටලූ මතුකළා.
බලයට පත්වුන ගමන් එම්. සී. සී ගිවිසුම ඉරා විසිකරනවා කියලා බලයට ආපු ගමන් ඒ ගැන සලකා බලන්න කමිටුවක් දැම්මා. පස්සේ සියට 70ක් ඒ ගිවිසුම හොඳවුණා. ඉදිරි මහමැතිවරණයෙන් පස්සේ මේ ගිවිසුම 100% හොදවෙලා අත්සන් කරන්නත් මේ අය සැලසුම් කරලා තියෙනවා.
එදා වේදාකාවක් වේදිකාවක් පාසා සතුටුද, සනීපද, සන්තෝස ද වගේ වචන මාලාවක් මේ අය ඉදිරිපත් කලා. මේ ඉදිරිපත් කරපු වැඩපිළිවෙළ දිහා බලපුවහම රටටත් ජනතාවටත් කිසිම සැපක් නැහැ, කිසිම සන්තෝසයක් නැහැ හැම තැනකම පේන්න තියෙන්නේ අකාර්යක්ෂම රාජ්‍ය පාලනයක්’’යැයිද ඔහු එහිදී පැවැසීය.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාපෙළ නැති කෙනෙක් රටක් හදන්න කතා කරනවා .
සජිත් මහත්මයාණෙනි. ඔබ තුමාට ජයග්‍රහණය අනිවාර්යයෙන්ම ලබන්න නම්. රනිල්ගේ කාලයේ ගෙනාව රට ඇමෙරිකාවට පාවාදෙන ඇක්සා , සෝෆා, ඇතුළු ගිවිසුම් 3ම සම්පුර්ණයෙන් අවලංගු කරනවා, ඒ වගේම ඒ පිළිබඳව නැවත සාකච්චා නොකරන බව ප්‍රසිද්ධියේම වේදිකාවලදී ප්‍රකාශ කරන්න.
කාර්යක්ෂම කරන්න වෙන්න ඇති නිවාස අධිකාරියට අර විදියට පත්වීම් දෙන්න ඇත්තේ..
අම්මපා සජිත් මලය දෙන එක "දොඹෙන්ම" දෙනවා නේද? අපි දැන් බලයේ ඉන්න හාදයට කඩේයනවා නොවේ.. සජිත් මලයලා බලයේ ඉන්නකොට අපේ රට දිව්‍ය ලෝකේ වෙලා වෙන්න ඇති නේද තිබුනේ..? අනේ අපේ කට.. මලයා අපිට ඉන්නලද පොඩි කරන්න යන්නේ? නැතිනම් රාජඅලද පොඩි කරන්න යන්නේ සුදුළූණු නැතුව...?
මොලේ හොඳටම කචල් වගේ පෙනෙන්නේ...
මේ පාලනේ හොඳයි අර පාලනේට වඩා..............
මේ පාලනය හොඳද නරකද කියල බලන්න තවම කල් වැඩියි .
ගොන් කතා නොකියා ඉන්නවානම් මේ ගමන මහ මැතිවරනෙට ජනතාව සාධාරණයක් ඉෂ්ට කරයි
හප්පේ ගිය අවුරුදු පහේ රාජ්‍ය පාලනයේ තිබුණු කාර්යක්ෂම බව. සජිත් පුතා කොහොමද කතා කරන්නේ?
මේ කිසිදෙයක් පසුගිය වසර හතර හමාරේම පෙන්නුම්කලේ නැහැනේ.
අද මට මේ රටේ හිතාගන්ඩ බැරි දෙයක් අත් වින්දා. හැඳුනුම් පත ගන්ඩ එක් දින සේවයට උදේ 6 ට ගිය මම 8 ට වෙනකොට අරගෙන එලියට ආවා. අගය කල දේ අගය කරන්ඩ ඕනේ.
ඔයාගේ කාලෙ පාලනයට කිවුවේ යහ පාලනය කියල නේද? ඊට වඩා නම් මේක හොදයි. හරියට කතාව සුරපුරයක් මවන විදියට වැඩ කලා වගේ. රට යන්තම් බේරුනා - ඒ ඇති.
හොඳකම වැඩිවෙලා දැන් රෙද්ද පල්ලෙන් බේරෙනවා. ලෝකේ වටේ හිඟාකනවා. බොරු කියලා කොල්ලෝ රවට්ටලා හෙට, අනිද්දා වෙන්නේ ලේ ගංගාවල පීන පීනා දැන් සැපද? කියලා අහන්න.
ඔයගොල්ලන්ගේ කාලේ හොඳට කෙරුණාද? ඊයේ ඩ්‍රයිවින් ලයිෂන් එක ගන්න ගියා... මෙඩිකල් ටෙස්ට් එකත් කරලා ලයිෂන් එකත් අරගෙන 3 වෙනකොට ගෙදර ආවා. මොකක්ද ප්‍රශ්නය...?