(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තමන්ව ඇප මත මුදාහරින නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහත්වරු අභියාචනාධිකරණය හමුවේ අද (31) ප‍්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළේය.
එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.
පෙත්සම්කාර හේමසිරි ප‍්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් සිය පෙත්සමින් කියා සිටින්නේ පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත‍්‍රස්ත ප‍්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම් සිදුකළ බවට චෝදනා කරමින් තමන්ව රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි.
එහෙත් තමන්ට එරෙහිව මිනීමැරීමේ චෝදනා පවත්වාගෙන යාමට ප‍්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් තමන්ව රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප මත මුදා හළ බවත් පෙන්වා දෙන පෙත්සම්කරුවෝ ඉන්පසුව නීතිපතිවරයා විසින් එම මහේස්ත‍්‍රාත් අධිකරණ තීන්දුවට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ප‍්‍රතිශෝධන පෙත්සමක් ද ඉදිරිපත් කළ බව කියා සිටිති.
නීතිපතිවරයාගේ එම ප‍්‍රතිශෝධන පෙත්සම විභාග කළ කොළඹ මහාධිකරණය විසින් ඉකුත් 9 වැනිදා තම ඇප නියෝගය අවලංගු කරමින් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බවත්, එම නියෝගය දෝෂ සහිත බව පෙත්සම්කරුවෝ කියා සිටිති.
එසේම එම තීන්දුව නීතියට පටහැනි බවත්, අසාධාරණ බවත් පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
ඒ අනුව කොළඹ මහාධිකරණය විසින් ඉකුත් 9 වැනිදා ප‍්‍රකාශිත නියෝගය නීතිවිරෝධී බවට තීන්දු කර එය බලරහිත කරන ලෙසද, තමන්ව ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගය ද අවලංගු කරන්නැයි පෙත්සම්කාර හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පතිවරයා සිය ප‍්‍රතිශෝධන පෙත්සම මඟින් ඉල්ලා ඇත.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හේමසිරි - පූජිත්ගෙන් ප්‍රතිශෝධන පෙත්සමක්
tharindu Thursday, 31 October 2019 06:35 PM
හොරුන්, දූෂිතයින්, මිනීමරුවන් ජනාධිපති අපේක්ෂකයන් වෙලා.. මේ අහිංසකයින් රිමාන්ඩ් කරලා... මෙන්න යහපාලනේ... මෙහෙමත් රටක්...
tharindu Thursday, 31 October 2019 06:35 PM
හොරු, දුෂිතයෝ, මිනීමරුවෝ ජනාධිපති අපේක්ෂකයෝ වෙලා මේ අහිංසකයෝ රිමාන්ඩ්. මෙන්න යහපාලනය. මෙහෙමත් රටක්.
kalana Thursday, 31 October 2019 07:09 PM
17 වෙනිදා වෙනකන් ඉන්න සර්.. අපි පොලිස්පති සර් සමගයි..
thenuwara Thursday, 31 October 2019 07:11 PM
අපේ පොලිස්පතිතුමාට බුදු සරණයි..
anura Friday, 01 November 2019 01:50 AM
ඔබලා තව ටික කාලයක් බෝඩිමේම ඉන්න. ඉන්න ගමන් කරපු අනුවණකම් ගැන හිතන්න. ඊට පස්සේ ඒවා කිරීමට උපදෙස් දුන් අය ගැන හෙළි කරන්න. එතකොට කවදා හරි පාරේ බැහැලාවත් යන්න පුළුවන් වේවි...!!!