(මනෝප‍්‍රිය ගුණසේකර)
පාස්කු ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබ සිටි හේමසිරි ප‍්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතීපතිවරයා අද (18) කොළඹ මහාධිකරණයට ප‍්‍රතිශෝධන ඇයදුම්පතක් ඉදිරිපත් කළේය.
හේමසිරි ප‍්‍රනාන්දු සහ පුජිත් ජයසුන්දර යන මහත්වරුන්ට ඇප නියම කරමින් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය දුන් නියෝගය නීතීවිරෝධී, අයුක්ති සහගත, අසාධාරණ මෙන්ම අත්තනෝමතික බව සඳහන් කරන නීතීපතිවරයා මහෙස්ත‍්‍රාත්වරියගේ නියෝගය ප‍්‍රතිශෝධනය කරන තුරු සැකකරුවන්ට ඇප නියම කරමින් ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය ලබාදුන් ඇප නියෝගය අත්හිටුවන ලෙසටද ඉල්ලීමක් කොට ඇත.
මහෙස්ත‍්‍රාත්වරියගේ නියෝගය ප‍්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති මෙම ප‍්‍රතිශෝධන ඇයදුම්පත‍්‍රය සළකා බැලූ කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා මෙම ප‍්‍රතිශෝධන ඇයදුම් පත‍්‍රය ලබන 23 වැනිදා කැඳවීමට නියම කළේය.
සැකකරුවන්ට ඇප නියම කරමින් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ලබාදුන් නියෝගය ප‍්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලා සිටින නීතීපතිවරයා ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරියගේ නියෝගය වැරදි බව පෙන්වා දෙමින් එක් එක් කරුණු වෙන වෙනම මහාධිකරණයට ඉදිරිපත් කොට ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පෙර ඔවුන්ගේ ප‍්‍රකාශ සටහන් කර නොගැනීම විධිමත් නොවන බව මහෙස්ත‍්‍රාත්වරියගේ නියෝගයේ සඳහන් කරුණ නීතී විරෝධී මෙන්ම නීතීය වැරදි ලෙස වටහා ගෙන ඇති බවද ප‍්‍රතිශෝධන ඇයැදුම්පතේ සඳහන් කරන නීතීපතිවරයා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පෙර ඔවුන්ගේ ප‍්‍රකාශ සටහන් කර ගැනීමට නෛතික වගකීමක් නොමැති බවද ප‍්‍රතිශෝධන ඇයැදුම්පතේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයට අදාළ සිද්ධිමය කරුණු අනුව මීනීමැරිමේ චෝදනා බැහැර කරමින් මහෙස්ත‍්‍රාත්වරිය ලබාදුන් නියෝගය නීතී විරෝධී බව පෙන්වා දෙන නීතීපතිවරයා මිනිසුන්ගේ මරණය සිදුවිය හැකි බව හෝ මරණය සිදුවිය හැකි ශාරීරික පාඩුවක් සිදුවිය හැකි බවට අන්තරායදායක හා භයානක නිශ්චිත තොරතුරු, සැකකරුවන්ගේ නම්, ප‍්‍රහාර එල්ලවන වේලාවන් සහ ක‍්‍රමවේදයන් පිළිබඳව දැනුමක් තිබියදී ඒ අනුව ක‍්‍රියානොකිරීම හා සම්පුර්ණයෙන්ම නොසලකා හැරීම තුළින් අවාසනාවන්ත අන්දමින් මනුෂ්‍ය ජීවීත සිය ගණනක් බිලි ගැනීම සම්බන්ධයෙන් සැකකරුවන්ට එල්ල වන මිනිමැරුම් චෝදනා ඇතුලු අනෙකුත් චෝදනා බැහැර කිරීම නීතී විරෝධී, අයුක්ති සහගත, අසාධාරණ හා අත්තනෝමතික බව ප‍්‍රතිශෝධන ඇයැදුම් පතේ සඳහන් කොට ඇත.
පාස්කු ඉරිදා ප‍්‍රහාර එල්ල වූ ස්ථාන, වේලාවන් සහ ක‍්‍රමවේදයන් සම්බන්ධයෙන් නිශ්චිත බුද්ධි තොරතුරු සැකකරුවන්ට ලැබී තිබියදී එම බුද්ධි තොරතුරු ඇමනුම් වශ්‍යයෙන් මහෙස්ත‍්‍රාත්වරියගේ අවධානයට ලක් කොට තිබියදීත් එම තොරතුරු අවිනිශ්චිත තොරතුරු වශ්‍යයෙන් නියෝගයේ සඳහන් කොට ඇතැයි සඳහන් කරන නීතීපතිවරයා නිශ්චිත බුද්ධි තොරතුරු වල සඳහන් කරුණු අනිසි හෑල්ලූවකට ලක් කරමින් මහෙස්ත‍්‍රාත්වරිය ලබාදුන් නියෝගය කරුණු වරදවා වටහා ගැනීමෙන් කළ නියෝගයක් බවටද සඳහන් කොට ඇත.
සැකකරුවන්ට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එම ප‍්‍රහාරයන් එල්ල වීම වැළැක්වීම සඳහා සුදුසු පියවරයන් වන පල්ලි වල පියතුමන්ලා දැනුවත් කිරීම, සංචාරක මණ්ඩලය දැනුවත් කිරීම, මහජනතාව දැනුවත් කිරීම, වැනි කටයුතු මෙම සැකකරුවන් සිදුකළ යුතු බවට නීතිපතිවරයා සඳහන් කළ කරුණු සැහැල්ලූවට ලක් කරමින් මෙන්ම නිශ්චිත බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කරුණු වටහා නොගැනීමෙන් මහෙස්ත‍්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කොට ඇති බවද නීතීපතිවරයා සිය ප‍්‍රතිශෝධන ඇයැදුම් පතේ සඳහන් කොට ඇත.
මෙම සිද්ධියට අදාළ විමර්ශනයේදී පුද්ගලයින් 42 ක් දුන් ප‍්‍රකාශ වල සඳහන් කරුණු මත පදනම්ව සැකකරුවන් දණ්ඩ නීතී සංග‍්‍රහයේ 296, 298 වැනි වගන්ති යටතේ චෝදනා එල්ල කළ හැකියාව මත සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා විසින් විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇතැයි ප‍්‍රතිශෝධන ඇයැදුම් පතේ සඳහන් කරන නීතීපතිවරයා එසේ තිබීයදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පදනම් කර නොගත් ජනාධිපති කමිටුවක අතුරු වාර්තාවක් පදනම් කර ගත්තා යැයි සළකමින් සැකකරුවන්ට ඇප නියම කරමින් මහෙස්ත‍්‍රාත්වරිය නීතී විරෝධී, අයුක්ති සහගත, අසාධාරණ හා අත්තනෝමතික නියෝගයක් ප‍්‍රකාශයට පත් කොට ඇති බව නීතිපතිවරයා සිය ප‍්‍රතිශෝධන ඇයැදුම් පතේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.
විමර්ශකයාගේ හෝ නඩුව මෙහෙයවන වෙනත් පාර්ශවයක මනදොළ සංසිඳීම සඳහා යමෙකු රක්‍ෂිත බන්ධනාගාර ගත නොකළ යුතු බව නඩු තීන්දුවල සඳහන් කරුණු මහෙස්ත‍්‍රාත්වරිය සිය නියෝගයේ සඳහන් කිරීම පදනම් විරහිත මෙන්ම පක්‍ෂග‍්‍රාහී යැයි පෙත්සමේ සඳහන් කරන නීතීපතිවරයා පාස්කු ඉරිදා ප‍්‍රහාර එල්ල වන ස්ථාන, වේලාවන් සහ ක‍්‍රමවේදයන් සම්බන්ධයෙන් සැකකරුවන් නිශ්චිත තොරතුරු දැන සිටි තත්වය නොසළකා සැකකරුවන්ට ඇප නියම කොට ඇතැයිද ඒ අනුව මහෙස්ත‍්‍රාත්වරියගේ නියෝගය පක්‍ෂග‍්‍රාහී, පදනම් විරහිත, අයුක්ති සහගත මෙන්ම නීතී වීරෝධී බවද සඳහන් තෙකාට ඇත.
කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය සැකකරුවන්ට ඇප නියම කරමින් දුන් නියෝගයේ නඩු තීන්දු රාශියක් සඳහන් කොට තිබුණත් එම එකඳු තීන්දුවක් හෝ මෙම සිද්ධියට අදාළව සැකකරුවන්ට ඇප නොදීම සම්බන්ධයෙන් අදාළ නොවන බවද ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය නීතිය වැරදි ලෙස වටහාගෙන සැකකරුවන්ට ඇප ලබාදුන් නියෝගය නිකුත් කොට ඇති බවද සඳහන් කරන නීතිපතිවරයා, මහෙස්ත‍්‍රාත්වරියගේ නියෝගයේ නීතිපතිවරයාගේ උපදෙස් මතම ක‍්‍රියාත්මක කිරීමට මහෙස්ත‍්‍රාත්වරිය බැඳී නැතිබව සඳහන් කොට ඇතත් නීතිපතිවරයා කිසිඳු අවස්ථාවක මහෙස්ත‍්‍රාත්වරියට උපදෙස් ලබාදී නැතැයි සිය ප‍්‍රතිශෝධන ඇයැදුම් පත‍්‍රයේ සඳහන් කොට ඇත.
මෙවැනි කරුණු නියෝගයේ සඳහන් කර තීබීම මතම මහෙස්ත‍්‍රාත්වරිය කරුණු වැරදි ලෙස වටහා ගෙන ඇති බව පෙනී යන්නේ යැයිද නීතීපතිවරයා සිය ප‍්‍රතිශෝධන ඇයැදුම් පතේ සඳහන් කොට ඇත.
මෙම ප‍්‍රතිශෝධන ඇයැදුම් පත‍්‍රය සළකා බැලූ කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා මෙම ඇයැදුම් පත‍්‍රය ලබන 23 වැනිදා කැඳවීමට නියම කළේය.
මන්නාරම අධිකරණය අසලදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ නාරාහේන්පිට
පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන හෙට (20) දින නැගෙනහිර පළාතේ පාසල් නොපැවැත්වෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි.
පන්විල ප්‍රදේශයේදී හුළුගඟට වැටුණු සුපිරි ජීප් රියක ගමන් ගත් දෙදෙනකු මියගොස් තවත් අයකු අතුරුදහන්ව ඇතැයි පන්විල පොලිසිය කියයි.
උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු හත අද (19) අලුයම විවෘත කිරිමත් සමඟ එහි ජලපහරට කොටුවී සිටි කාන්තාවන් දෙදෙනකු, වනජීවි නිලධාරීයකු සහ ගවයින් ගැටගැසීම
නිවසේ මාළු ටැංකියට ඇදවැටී මාස 19 ක් වයසැති බිළිදෙකු මියගොස් ඇති බව වාද්දුව පොලිසිය පවසයි
කැබිතිගොල්ලෑව හිජ්ජාපුර ප්‍රදේශයේ කුඹුරු යායක පැල් රැකීමට ගිය ගොවීන් දෙදෙනකු ගංවතුරට කොටුව සිටියදී යුද හමුදා සහායෙන් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
හේමසිරිට - පූජිතට ඇප දීමට එරෙහිව නීතිපතිගෙන් ප‍්‍රතිශෝධන ඇයදුම්පතක්