IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හම්බන්තොට හිටපු නගරාධිපතිට හිරගෙදර විශේෂ සැලකිලි

(බිඟුන් මේනක ගමගේ) 

අගුණකොළපැළැස්ස  බන්ධනාගාරයේ  සිරදඬුවම්  විදින හම්බන්තොට හිටපු නගරාධිපති  එරාජ් රවීන්ද්‍ර  ප්‍රනාන්දු නමැත්තාට බන්ධනාගාර පරිපාලනයෙන් විශේෂ සැළකිලි ලැබෙමින් පවතින්නේ යැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

සිරදඬුවම් නියම වූවකු මුණගැසීමට බාහිර පුද්ගලයන්ට අවස්ථාව ලැබෙන්නේ මසකට එක් වතාවක් වුවද හිටපු නගරාධිපතිවරයා මුණගැසීමේ අවස්ථා ගණනාවක් පසුගිය කාලයේ දී ඔහුගේ නෑසිය මිතුරන්ට බන්ධනාගාර පරිපාලනයෙන් ලැබී ඇතැයි පැවසීය.

වසර පහක සිරදඬුවම් නියම වූවකු සාමාන්‍ය ගණයේ අපරාධකරුවකු හැටියට සැළකුව ද ඔහුට හිමිව ඇත්තේ විශේෂ ගණයේ අපරාධකරුවකුට හිමි වන අවස්ථා යැයි ද එම ප්‍රකාශකයා කීය.

ඒ අනුව ඔහුට බන්ධනාගාරයට පිටතින් ගෙනෙන කෑම දිය නොහැකි නමුත් මෙම විශේෂ වරප්‍රසාදිත තත්ත්වය යටතේ ඔහුට බාහිරින් කෑම සැපයීම සිදුවන්නේ යැයි ද කියති.

හම්බන්තොට හිටපු නගරාධිපති  එරාජ් රවීන්ද්‍ර  ප්‍රනාන්දු නමැත්තාට වසර පහක සිරදඬුවම් නියම කෙරුණේ 2014.04 017 වැනි දා හම්බන්තොට වරාය නිරීක්ෂණ චාරිකාවකට එක්ව සිටි  එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසකට  පිස්තෝලයක් පෙන්වා  තර්ජනය කිරීම  ඇතුළු  චෝදනා කිහිපයක් යටතේය.

අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ  එච් වාට්ටුවේ ආරක්ෂක රැකවල් මැද  සිටි  හිටපු නගරාධිපතිවරයා  පසුගියදා හදසියේ අසනීප වී තංගල්ල රෝහලට ද ඇතුළත් කර තිබිණි. 



අදහස් (8)

හම්බන්තොට හිටපු නගරාධිපතිට හිරගෙදර විශේෂ සැලකිලි

sirimal Tuesday, 03 September 2019 10:00 AM

අනිත් හිරගෙවල්වල ඉන්න දේශපාලන සබඳතා තියෙන අයටත් එහෙමම තමා ඉතින්. නරකාදියට ගිහිල්ල හරි හොරු අල්ලනවා, කුඩු කාරයෝ එල්ලනවා, මාත් එක්ක ඒ සෙල්ලන් බැහැ කියලයි බෙරිහන් දුන්නේ. දැන් ඒවා අමතකයි. කාටද කියන්නේ?

:       0       133

sugathTuesday, 03 September 2019 11:41 AM

එකනම් ඇත්ත. කව්රු ආවත් ඔච්චරම තමා.

:       0       1

mahida Tuesday, 03 September 2019 10:31 AM

දැන් දුප්පතාට විතරයි, හිරගෙවල් අනිත් අයට හෝටල්...

:       0       1

Hafeel Tuesday, 03 September 2019 10:41 AM

ලොක්කන්ට තියන ලෙඩ ගෝලයින්ට බෝවන්නේ නැත්නං...

:       0       1

ලුම්බිණි Tuesday, 03 September 2019 11:08 AM

බන්ධනාගාර පරිපාලනයේ මේවට උදවු දෙන උන්ට කවුද දඬුවම් දෙන්නේ?

:       0       1

රවින් Tuesday, 03 September 2019 11:29 AM

ඇත්තෝ කති බොති. නැත්තෝ ලේවකති.

:       0       1

සිරිමල් Tuesday, 03 September 2019 11:59 AM

මොහු සිටින්නේ අඟුණකොල පැලැස්සේ නේද? එහි පාලකයින් වැඩිදෙනෙක් එම පැත්තේ අය වෙන්න ඇති... ඔවුන් හිතනවාද දන්නේ නැහැ එම හිරකරුවාගේ නායකයා ජනපති වෙනවා කියලා. මේ හිරකරුට සලකා තිබුනොත් උසස්වීම් ගැනීමට හෝ වෙනත් වරප්‍රසාද ගැනීමට මෙහි නිලධාරීන් එහෙම කරනවා ඇති. ඔවුනුත් මනුෂ්‍යයෝය. අශාවන් ඇත්තෝය.

:       0       1

Chanak los angeles Tuesday, 03 September 2019 01:38 PM

දැන් ඔහොම නම් සාටකයන් බලයට ආවොත් මොහු සමග සියලු අපතයන් රොත්තම එළියට ගන්නවා සිකුරුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 37 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site