IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


හම්බන්තොට සෙල්ලම් පිස්තෝල නඩුවේ තීන්දුව කල්යයි

(දිලීප් ජයසේකර සහ චන්ද්‍රසේන ගමගේ)
 
හම්බන්තොට සෙල්ලම් පිස්තෝල නඩුව අද(18) හම්බන්තොට මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ අධි චෝදනා පත්‍රයේ සඳහන් කර ඇති  සාක්ෂිකරුවෙකුගේ නමක් සාක්ෂි ලබාදීමේදි වැරදි ලෙස සටහන් වී තිබී සහ එය නැවත සංශෝධනය කිරීම හේතුවෙන් හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අගෝස්තු 2 දින දක්වා කල් තැබුවේය.
 
2014.04.17 වන දින මත්තල ගුවන්තොටුපල හා හම්බන්තොට වරායේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් වූ එරාන් වික්‍රමරත්න, අජිත් මාන්නප්පෙරුම, අජිත් පී. පෙරේරා, ආර්. යෝගරාජන් ඇතුළු පිරිසකට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකුට විරුද්ධව හම්බන්තොට මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් අධිචෝදන පත්‍ර ගොනු කර තිබුණි.
 
ඒ අනුව වසර 5ක පමණ කාලයක් නඩුව විභාග කෙරුණු අතර එහි තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා නඩුව අද(18) හම්බන්තොට මහාධිකරණයේදී කැඳවිණි. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ‍ජෙනරාල් දිලිප පීරිස් මහතා මහතා විසින් අධි චෝදනා පත්‍රයේ සඳහන් සාක්ෂි ලැයිස්තුවේ සටහන්ව තිබූ නමක් සාක්ෂි ලබාදීමේදි වැරදි ලෙස සටහන් වී තිබීම හේතුවෙන් එය සංශෝධනයට ලක් කෙරුණි. අදාළ සංශෝධනයෙන් පසු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අගෝස්තු 2 දක්වා කල් තැබීමට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා පියවර ගත්තේය.
 
හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් 5 දෙනා වෙනුවෙන් ජනාධිපති නිතීඥ යු.ආර් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි නීතීඥ තුසිත අළුත්පටබැදිගේ, නීතීඥ දේවින්ද රණවක ඇතුළු නීතීඥවරුන් පිරිසක් පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලිප පීරිස් මහතා සහ රජයේ අධිනීතීඥ ගයාන් පෙරේරා මහතා පෙනී සිටියහ.



අදහස් (5)

හම්බන්තොට සෙල්ලම් පිස්තෝල නඩුවේ තීන්දුව කල්යයි

Nuwan Thursday, 18 July 2019 08:13 AM

බඩ තඩි මී හරක්...

:       4       277

sirimal Thursday, 18 July 2019 08:53 AM

පිස්තෝලය වතුර බෝතලයක් කරගන්න මෙච්චර කල් ගන්නවද?

:       0       130

nuwan Thursday, 18 July 2019 10:11 AM

මේ වගේ මැරයෝ තමයි අද රට පාලනය කරන්නේ. ඉතින් රටට සුගතියක් වෙයිද?

:       0       39

kolam boss Thursday, 18 July 2019 10:33 AM

ඒ සිද්ධිය අපිත් දැක්කා. දැන් අධිකරණය කරගන්න දෙයක් නැතුව වැඩේ කල්දානවා. මහා ලොක්කා කිව්ව මුන්ව ගහලම එලවපන් කියලා.. ඉතින් පුංචි පැටියා සෙල්ලම් පිස්තෝලෙත් අරන් පන්නන් ගියා.. මහා ලොක්කා නිකන් හරි කියලා තිබුන නම් එකෙක්ව බාවන්න කියලා.. අනිවා දෙකක් නැහැ. මේකා එකෙක්ව බාවනවා ෂුවර්...

:       0       0

de silva berlin Thursday, 18 July 2019 06:48 PM

මේ නඩුව අහන්න මෙච්චර කාලයක් යනවද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 161 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1015 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site