IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘හම්බන්තොට නව රෝහලේ කටයුතු තවමත් ආරම්භ කර නැහැ’

(චන්ද්‍රසේන ගමගේ) 
 
ජූලි 1 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විවෘත කරන ලද හම්බන්තොට නව දිස්ත්‍රික් මූලික රෝහලේ අඩුපාඩු රැසක් ඇති බවත්, මේ වනතුරුත් හව ආරම්භ කිරීමට නොහැකි වී ඇති බවත්, මහජන මුදල් වැයකරමින් සෞඛ්‍ය හා පෝෂණ කටයුතු ආමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජනතාව රවටමින් සිටින බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හම්බන්තොට දිස්ත්‍රික් සංවිධායක වෛද්‍ය උපුල් ගලප්පත්ති මහතා අද (18) හම්බන්තොට දිස්‍ත්‍රික් මහ රෝහලේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.
 
හම්බන්තොට නව දිස්ත්‍රික් මහ රෝහල විවෘත කොට සති දෙකක් පසු වී ඇතත් අඩුම තරමින් එම රෝහල තුළ බාහිර රෝගී අංශයවත් ආරම්භ කිරීම සඳහා කිසිදු සුදුසුකමක් මෙන්ම වැඩපිළිවෙළක් නැති බවත් වෛද්‍ය උපුල් ගලප්පතිත මහතා පැවසීය.
 
එහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ වෛද්‍ය උපුල් ගල්ප්පත්ති මහතා මෙසේද පැවසීය.
 
“මේ වනවිට රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයා මේ රටට බාල වර්ගයේ බෙහෙත් ගෙන්වන්නට අනුබල දෙමින්, වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුට උදවුකරමින් මේ රටේ මහජන මුදල් නාස්තිකරමින් ඉන්නවා. ඔහුගේ නැති වී ගිය සායම නැවත යථා තත්වයට පත්කර ගැනීම සඳහා රාජිත ඇමතිවරයා හම්බන්තොට නව මහරෝහල විවෘත කරමින් උත්සාහයක් ගත්තා. නමුත් එය පවත්වා ගෙන යන්නට හැකි කිසිදු පහසුකමක් තවම එම රෝහල තුළ නෑ. සේනාරත්න ඇමතිවරයා හම්බන්තොට ජනතාව රවටා තිබෙනවා. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ ඔබතුමාද නොමග යවමින් රාජිත සේනාරත්න ඇමතිවරයා සිදුකරමින් යන මේ ජනතා ද්‍රෝහී ගමන නැවැත්වීම සඳහා පියවර ගන්නා ලෙසයි”
 
විවෘත කරන ලද නව මහ රෝහල තුළ අඩුපාඩු රැසක් ඇති බවත් අධිකරණ වෛද්‍ය ඒකකය තුළ අඩුපාඩුකම් රැසක් ඇති බවත් චර්ම රෝග, ළය රෝග,  අක්ෂි රෝග වැනි අංශ කිහිපයක් සඳහා ප්‍රධාන ගොඩනැගිල්ලේ පහසුකම් නැති බවත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හම්බනතොට මහ රොහල් ශාඛාවේ ලේකම් වෛද්‍ය දුමිදු කොඩිතුවක්කු මහතා පැවසුවේය. ඒ මහතා මෙසේද කීය.

“ප්‍රධාන වාට්ටු තුළ ඇති ඇඳන් අතර ඇත්තේ සීමිත පරතරයක්. එය වෛද්‍යවරුන් මෙන්ම හෙදියන්වද අපහසුතාවයට පත් කරන්නක්. ප්‍රධාන ඔපරේෂන් අංගනයේ අවශ්‍ය විදුලි ආලෝක උපකරණ සවි කර නෑ. විශේඥ වෙද්‍යවරුන්ට සීමාවාසික වෛද්‍යවරුන්ට හා අනෙකුත් වෛද්‍ය රුන්ට ප්‍රමාණවත් නිල නිවස නෑ. රාජිත සේනාරත්න ඇමතිවරයා විලි වහගන්න කොළ අතු ඇද ගනිමින් සිටිනවා.
 
රජයේ ව්‍යෛ නිලධාරීන්ගේ සංගමය විදියට අපි නව රෝහල් පරිශ්‍රය තුළ ක්ෂේත්‍ර පරීක්ෂණයක් කළා. එහිදී අප අඩුපාඩුකම් රැසක් දුටුවා. මේ රටේ සෞඛය තත්වය ඉහළ නැංවීම සඳහා කැපවීමෙන් වැඩ කරන සංගමයක් විදියට අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ රාජිත සේනාරත්න ඇමතිවරයාගේ මෙම විගඩම්වලට හසුවෙන්නේ නැතිව සෞඛ්‍ය අමාත්‍යධූරය ඔහුගෙන් ඉවත් කර එය ජනාධිපතිවරයා අතට ගන්නා ලෙසයි. හම්බන්තොට නව රෝහලේ පවතින අඩුපාඩු ඉවත් කර රෝහල යථා තත්වයට පත් කරන ලෙසත් ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා” යැයිද පැවසීය.



අදහස් (8)

‘හම්බන්තොට නව රෝහලේ කටයුතු තවමත් ආරම්භ කර නැහැ’

vernon Thursday, 18 July 2019 10:36 AM

සංගමයට මේ අඩු පාඩු පෙනුනේ විවෘත කරාට පසුවද? අනෙක් අතට රෝහලේ වෛද්‍ය අධිකාරීට මේ ගැන පැමිණිලි නොකරන්නේ ඇයි?

:       0       0

vernon Thursday, 18 July 2019 10:36 AM

සංගමයට මේ අඩුපාඩු පෙනුනේ විවෘත කරාට පසුවද? අනෙක් අතට රෝහලේ වෛද්‍ය අධිකාරීට මේ ගැන පැමිණිලි නොකරන්නේ ඇයි?

:       0       0

vernon Thursday, 18 July 2019 10:36 AM

සංගමයට මේ අඩු පාඩු පෙනුනේ විවෘත කරාට පසුවද? අනෙක් අතට රෝහලේ වෛද්‍ය අධිකාරීට මේ ගැන පැමිණිලි නොකරන්නේ ඇයි?

:       0       0

sudath Thursday, 18 July 2019 10:37 AM

මේගොල්ලන්ට රාජිත සේනාරත්න එක්ක තියෙන්නේ වෙන කෝන්තරයක්.

:       0       0

ලුම්බිණි Thursday, 18 July 2019 10:55 AM

මේ කතාව රෝහලේ අඩුපාඩු පෙන්වනවාට වඩා ඇමතිට විරුද්ධව ගෙනියන ප්‍රචාරයක් වගෙයි. ප්‍රමුඛත්වය දෙන්න රෝහලේ අඩුපාඩු වලට.

:       0       0

kap Thursday, 18 July 2019 11:00 AM

ඕකට ඇමතියට බැන බැන ඉන්නේ නැතුව අඩු පාඩු සකසාගෙන පටන් ගන්නවකො . ඕක තමුන්ගේ ලොක්ක කර නම් , මෙලහකට හොඳට දුවනවා . මේ තමයි අපේ රාජ්‍ය ත්‍රස්තවාදියෝ

:       0       0

mohamad. Thursday, 18 July 2019 12:54 PM

ඉතින් ඔබතුමාලට බැරිද ඕක විවෘත කරන්න ඉස්සෙල්ලා බලලා අඩුපාඩු පෙන්නලා දීලා පටන් ගන්න. ඔක්කොම එක වල්ලේ පොල්. වෛද්‍ය සභාවත් එක්තරා විදියක මෝඩ රැලක්. අපරාදේ මහජන සල්ලි

:       0       1

Devin Thursday, 18 July 2019 02:07 PM

රෝහලේ බෙඩ් අතර පරතරය නැති එක ඇමතිගේ ප්‍රශ්නයක්ද? බොරු දේශපාලන වැඩ කරන්න එපා දොස්තර මහත්තයෝ. අපි දන්නවා ඔයාලගේ වැඩ ගැන.

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31173 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13329 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10961 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 63 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 896 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site