(නිමන්ති රණසිංහ)
ඉඩමකට අයුතු ලෙස ඇතුළු වී එහි සිටි ආරක්ෂකයින් දෙදෙනෙකුට පහරදී තුවාල කළැයි කියන සිද්ධියකට අදාළව ට හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා අද (19) පොලිස් ඇප මත මුදා හැරි බව බම්බලපිටිය පොලීසිය පවසයි.
මෙම සිද්ධියට අදාළව අද (19) පෙරවරුවේදී බම්බලපිටිය පොලිසියට බාර වූ එරාජ් ප්‍රනාන්දු මහතාට සමත මණ්ඩලයේ පෙනී සිටින ලෙස දන්වමින් පොලිස් ඇප මත මුදා හළ බව බම්බලපිටිය පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය.
මෙම වරද සමථ මණ්ඩලයක විසදිය විය යුතු එකක් බැවින් සමථමණ්ඩලයේ පෙනී සිටින ලෙසට දෙපාර්ශවය දැනුම් දුන් බවද එම නිලධාරියා පැවැසීය.
බම්බලපිටිය කොතලාවල ඇවනිව් හි පිහිටි ඉඩමකට කඩා වැදුණු හම්බන්තොට නගරාධිපතිවරයා එහි සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනකුට පහර දී තිබුණේ ඉකුත් 15 වැනිදා ය.
එරාජ් ප්‍රනාන්දු මහතා පහර දී තුවාල ලද බව කියන ආරක්ෂක නිලධාරීයකු කොළඹ ජාතික රෝහලටට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබා ගෙන ඉන් පිටව තිබිණ.
මෙම සිද්ධියට අදාළ ඉඩමට දෙපාර්ශවයක් අයිතිවාසිකම් කියන අතර මෙම ආරවුල සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය මින් ඉහතදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ 66 වගන්තිය ප්‍රකාරව නඩු පැවරීමක් ද සිදු කර ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් අදාළ පාර්ශ්වයන් දෙකම එම ඉඩමට වෙන් වෙන් වශයෙන් ආරක්ෂකයින් යොදවා ආරක්ෂාව ලබා දෙමින් තිබූ බවද පැවසේ .
එරාජ් ප්‍රනාන්දු මහතා මින් ඉහත දී ද මෙම ඉඩමට අයුතු ලෙසින් අයුතු ලෙසින් ඇතුළුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසියට කරුණු වාර්තා වී තිබූ බවද බම්බලපිටිය පොලීසිය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හම්බන්තොට නගරාධිපතිට පොලිස් ඇප
Ruhunu Sunday, 19 September 2021 02:18 PM
පොලිසිය රෙදි ඇදගෙනද දන්නෑ ඇප දුන්නෙ. පොඩි මිනිහට තමයි පැමිණිල්ලක් දාන්න ආවත් සත්තුන්ට වගේ කථා කරන්නෙ.
Sunil Sunday, 19 September 2021 02:42 PM
මැරකම් සහ හොරකම් රජවී ඇත .රට කබලෙන් ලිපට වැටී ඇත .නායකයෝ තද නින්දේ පසු වෙති .
kapila Sunday, 19 September 2021 04:00 PM
මෙයා කොහොමද නගරාධිපති වුනේ? රටකට ගිය කලක්.
පිටිගල මිලානෝ Sunday, 19 September 2021 04:34 PM
හැටනම ලක්ශයේ තවත් තේරීමක්. ඒ අය දැන් මෙයාවත් සාධාරනීකරණය කරයි. වියත්තු වුනාම මෙහෙමද වැඩ කරන්නේ?
ගජමෑන් Sunday, 19 September 2021 04:56 PM
නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගේ
Kule Sunday, 19 September 2021 06:55 PM
හම්බන්තොට ජනතාවගේ බුද්ධියේ මිනුම්දණ්ඩක් වූ නගරාධිපති තුමෙක්
PereraMonday, 20 September 2021 12:26 AM
හම්බන්තොට විතරක් නෙවි මුළු රටේම බහුතරයක් ජනතාවගේ බුද්ධියේ මිනුම් දණ්ඩක් මේ පුද්ගලයා