IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හම්බන්තොට නගරාධිපතිගේ සගයාගේ කැබ් රථයට වෙඩි

(සනත් ගමගේ)
 
හම්බන්තොට නගරාධිපතිවරයාගේ සෙල්ලම් පිස්තෝල සිද්ධියට සම්බන්ධ ගොන්නොරුවේ සුද්දා නමැති පුද්ගලයාගේ බව පැවසෙන කැබ් රථයකට හම්බන්තොට ගොන්නොරුව හයේ කණුව ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩිතබා ඇති බවද, කැබ්රථයේ පිරිස එම පුද්ගලයා අල්ලා පොලිසිය බාරදුන් බවද හම්බන්තොට පොලීසිය කියයි.

කැබ් රථයට වෙඩි තැබීමට යොදාගත් කොටන තුවක්කුවද පොලිස්භාරයට ගෙන ඇත.

වෙඩිතැබීම කළ කළුවා නමැති පුද්ගලයා යතුරුපැදියකින් පැමිණ ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි තැබූ පුද්ගලයාට කැබ් රියේ සිටි අය පහරදී ඇති හෙයින්  ඔහු හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත.

වෙඩි තැබූ පුද්ගලයා සමග  සුද්දා නමැත්තා අමනාපව සිටි බවද දැනට සිදුකළ  පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි පොලිසිය කියයි. 
 
වෙඩි වැදීමෙන් කැබ් රථයේ වම් පැත්තට හානි සිදු වී ඇති අතර පුද්ගලයින් කිසිවෙකුට තුවාල සිදුවී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරති. 



අදහස් (4)

හම්බන්තොට නගරාධිපතිගේ සගයාගේ කැබ් රථයට වෙඩි

ලුම්බිණි Monday, 05 August 2019 05:47 AM

වෙඩි තැබීම කල කලුවයි, වෙඩි වැදුන සුද්දයි, නගරාධිපතියි ඔක්කොම එක ජාතියේ කට්ටිය බව නම් පේනවා.

:       0       60

de silva berlin Monday, 05 August 2019 06:46 AM

මෙම නගරාධිපතිට මගෙත් නෑ සබඳකමක් තිබෙනවා.. එම නිසා පුද්ගලයා ගැන දන්නවා. නමුත් අරවගේ චෝදනාවක් තිබෙද්දිත් මෙවැනි පුද්ගලයන් නගරාධිපතිවරුන් වශයෙන් තෝරාගන්නේ එම නගරවාසීන්ගෙන් බහුතරය නූගත් නිසාය. එතකොට කල්ලනට සහ සුද්දන්ට සරම් උස්සගෙන ඕනෑම නැටුමක් එම නගරේ නටන්න පුළුවන්... විශාල කොන්ක්‍රීට් වනාන්තර හදලා හම්බන්තොට නගරය භෞතික වශයෙන් දියුණු කළාට, උගත්කම අතින් එහෙ ජනතාව ඉන්නේ ගල්යුගයේ බව පෙනෙනවා....

:       0       2

KANDEPOLA Monday, 05 August 2019 06:58 AM

මේ වගේ අයව නගරාධිපති ලෙස පත් කර ගත්තු මිනිස්සු මේ ඔක්කොටම අන්තයි.

:       0       1

LALITHM Monday, 05 August 2019 07:25 AM

මරාගන්න ඇරලා ඉතිරිවෙන එවුන් හිරේට දමපුවාම ඉවරයි. අපරාදේ පොලිසිය බල්ලන්ගේ ප්‍රශ්නවලට අත දමන්නේ... රාජ්‍ය බලය හම්බ වුණොත් කොහොමට හිටීද...?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 18 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 701 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site