(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
හොරණ අරමනාගොල්ල කර්මාන්ත ශාලාවක නේවාසිකාගාරයක් තුළ දී පුද්ගලයන් දෙදෙනෙකුගේ හිසට කුලුගෙඩියකින් පහරදී ඝාතනය කර තවත් පුද්ගලයකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු හොරණ අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 29 දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය
මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ මකුලෑව බුල්නෑව පදිංචි වසන්ත ජයසිංහ 34 නමැත්තා ය.
ඉකුත් 15 වැදි දින ආයතනයෙන් ප්‍රමාණවත් පරිදි වැටුප් නොගෙවීම සම්බන්දව සැකකාර පුද්ගලයා ආයතන හිමිකරුට දොස් පැවරීමේදී ඊට එරෙහි ව එම පුද්ගලයන් දෙදෙනා සහ බරපතල තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා කථා කිරීමත් සමඟම බහින් බස් වීමෙන් පසු මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසිය අධිකරණයට දැන්වීය.
පහර දීමට යොදා ගත් කුළුගෙඩියේ මිට කොටස් දෙකකට වෙන් වී තිබී හමුවූ බව පොලිසිය අධිකරණයට දැන්වීය .
COMMENTS
හාම්පුතාත් ඉවරයක් කලා නම් පඩි බාගෙත් නැතිව ගෙදරට වෙලා නිකන්ම ඉන්න තිබුන රජතුමාගෙ පන්දාහ අරගෙන...
අරක්කු මේ තරම් සැරද..?
වෙරි හිදෙනකොට කරපු මෝඩකම තේරෙන්න ඇති.
අන්තිම හේතුව පඩිය නේද අහිංසක දුප්පත් මිනිසුන් කි දෙනෙක් විනාශ කළාද?
පවතින වාතාවරණය යටතේ කුඩා ව්‍යාපාරිකයනුත් අසරණයි. වැටුපෙන් භාගයක් දෙන එකත් ලොකු දෙයක්.
ඔහුගේ ඔලුවටත් කුළු ගෙඩි පාරවල් දුන්න නම් තේරෙයි වැඩේ.
තමන් වෙනුවෙන් කතා කර මියගිය අයගේ පවුල්වලට හා තුවාල ලැබුවන්ට හාම්පුතා හොඳට සලකාවි.
ලංකාවෙ සමහර දේශපාලන පක්ෂවල ගම්මට්ටමේත් මෙවැනි මානසික තත්වයන් තිබෙනවුන් සිටිනවා. උන් කැමති උන් අදහන පක්ෂය රජකිරීමයි. කවුරු හෝ තමාගේ පක්ෂයට විරුද්ධ අයෙක් සිටිනවා නම් මේවගේ වැඩ කරන බවත් පේනවා. සැම ගමකම දහම් පාසැල් තියෙනවා. හැමදාම බණ කියනවා බණ අහනවා නමුත් මෙවැනිවුන්ට තේරෙන්නේ නැහැ සබ්බේ තසන්ති දණ්ඩස්ස කියන බුදුවදන.
සමහර මිනිස්සු හදන්නේ අනුන්ගේ හිසට කුළුගෙඩියෙන් ගසා හෝ තම මතය , තමන් අදහන අගම අනුන්ගේ හිසට දමන්න.