(එම්. කේ නන්දසේන)
වනජීවී නිලධාරීන් කණ්ඩායමක් කළ වැටලීමකදී ගෝනි දෙකක අසුරනු ලැබූ මූව මස් කිලෝ ග්‍රෑම් හැටකට ආසන්න ප්‍රමාණයක් සමඟ හමුදා නිලධාරීන් තිදෙනෙකු සහ ජීප් රථයක් සමඟ තණමල්විල දෙමළිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ඌව කලාපය භාර වනජීවී සහකාර අධ්‍යක්ෂ උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසීය.
අත්අඩංගුවට ගනු ලැබූ මෙම නිලධාරීන් තිදෙනා සහ ජීප් රථය කුඩාඔය හමුදා කඳවුරට අයත් බව අනාවරණය වී ඇත.
අමු මුව මස් කිලෝග්‍රෑම් 55 ක්, වේලන ලද මුවමස් කිලෝ ග්‍රෑම් 05 ට වැඩි ප්‍රමාණයක්ද, එම ඇසුරැමි තුල තිබූ බව වනජීවී නිලධාරීහු කියති.
අත්අඩංගුවට පත් නිලධාරීන් තිදෙනාගෙන් වනජීවී නිලධාරීන් ප්‍රශ්න කිරීමේදී තමන් දඩයම් කළ ඒවා නොවන බවත්, දඩයක් කරුවෙකුගෙන් ලබාගත් ඒවා බවත් ප්‍රකාශ කොට ඇතැයි පැවසේ.
අලියෙකුට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී පසු වෛද්‍යවරයෙකු සමග තණමල්විල දෙසට ගමන් කිරීමේදී දෙමළිය නමින් හඳුන්වන ප්‍රදේශයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි කියයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් තිදෙනා සහ දඩමස් තොගය තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
කිතුල් ගහට නැග්ග මනුස්සයා තණකොළ කපන්න නැග්ගයි කිව්වා වගේ කතාවක් ඒක... හමුදාපතිතුමනි, හමුදාවෙ නාමය විනාශ කරන මෙවන් නිලධාරීන් ගැන දැඩි ක්‍රියාමාර්ග ගත යුතුයි.
මේවාට කිසිම දඬුවමක් ලැබෙන්නේ නැහැ. දඬුවම ලැබෙන්නේ වරද කළ කෙනා අනුවයි.
මේ අයට උසස්වීම් ලැබෙනු ඇත...!!!