(අයි ආර් ඉන්දික)

ගවයින්ට තණ කැවිමට වැල්ලවාය හදපානගල වැව් රක්ෂිතයට ගිය  ගවහිමියෙකුට ඊයේ(24) දහවල් වන අලියෙකු කල පහරදිමකින් එම පුද්ගලයා එම ස්තානයේදිම මියගොස් තිබේ .

මෙසේ මියගොස් ඇත්තේ හඳපානාගල පුබුදුවැව ගම පදිංචි ටි ඒ පේමදාස නැමති 66 හැවිරිදි සිව්දරු පියෙකි .

ගවයින්ට තණ කැවිමට ගිය තවත් පුද්ගලයින් පිරිසක් මෙම මියගිය පුද්ගලයා හඳපානාගලවැවෙ වම් ඉවුරේ සිට මිටර් 200ක් පමණ ඈතින් කැලෑවේ මියගොස් සිටියදි දැක පොලිසියට දැනුම්දී තිබේ .

මෙම මරණයට අදාල හදිසි මරණ පරික්ෂණය වැල්ලවාය හදිසි මරණ පරික්ෂක එච් එම් ජේ හේරත් මහතා විසින් සිදුකල අතර පශ්චාත් මරණ පරිකෂණය වැල්ලවාය රෝහලේදි සිදුකිරිමට නියමිතව තිබුනි .

සිද්ධීය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි .