(නිමන්ති රණසිංහ)
සිරදඩුවම් විදින යහපත් කල් ක්‍රියාවෙන් යුතු සිරකරුවන් සඳහා “සතියක නිවාඩුවක් ලබාදීමේ” නිතිය ඉදිරියේදී ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා පැවසීය.
බන්ධනාගාර පනතට අනුව අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම නීතිය ක්‍රියාත්මක කිරිම සදහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකෙරෙමින් සිටින බව ද අමාත්‍යවරයා සදහන් කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී ‘තමන් ද නිදහස් කරන ලෙසට’ ඉල්ලමින් උපවාසයක නිරත සිරකරුවන් සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ඊයේ (23) වැලිකඩ බන්ධනාගාරයට ගිය අවස්ථාවේදීය.
වහලය මත නැගී උපවාසයේ නිරත සිරකරුවන් ගෙන් කිහිප දෙනකු සහ ඔවුන්ට සහාය දැක්වීම සදහා ආහාර වර්ජනයේ නිරත සිරකරුවන්ගෙන් කිහිප දෙනකු සමග සුහද අධිකරණ අමාත්‍යවරයා සුහද සාකච්ඡාවක නිරතවූ බව ද වාර්තා වෙයි.
සිරකරුවන්ට පොදු සමාව ලබාදීමේදී සියලුම සිරකරුවන් සදහා එකම ක්‍රමවේදයක් අනුගමනය කිරීම, සිරදඩුවම් විදින යහපත් කල්ක්‍රියාවෙන් යුතු සිරකරුවන් සම්බන්ධයෙන් වන දඩුවම අඩුකරගැනීම යන කාරණා සම්බන්ධයෙන් විශේෂයෙන් උපවාසයේ නිරත සිරකරුවන් සමග සාකච්ඡා කළ බව අධිකරණ අමාත්‍යාංශය සදහන් කරයි.
අභියාචනාවන් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සිදුවන ප්‍රමාදයන් පිළිබදව මෙන්ම පුනරුත්ථාපන ක්‍රමවේදය නිසි ලෙස ක්‍රියාත්මක කිරීම මෙන්ම සිරකරුවන් පිළිබදව සහ ඔවුන්ගේ පවුල් සම්බන්ධයෙන් විශේෂයෙන්ම සොයා බැලීමේ ක්‍රමවේදයක් සකසා දීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා එහිදී සාකච්ඡා කළ බව ද අධිකරණ අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සිරකරු සුබසාධනය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කිරීමට වහාම කි5යාත්මක වන බවත් එයට අවශ්‍ය කටයුතු සලසා දෙන තෙක් මෙම උපවාසය අත්හැරීමට කටයුතු කරන ලෙසත් මෙහිදී අමාත්‍යවරයා උපවාසකරුවන්ට දැනුම් දුන්නේය.
මෙම අවස්ථාවට බන්ධනාගාර කළමණාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් වී. ආර්. සිල්වා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණීය, බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක ඇතු`ථ මහත්වරුන් පිරිසක් සහභාගී වී සිටියහ.
COMMENTS
සිරකරුවා යනු පුනරුත්ථාපනය කිරීමට හෝ මරන දඩුවම ලබාදීමට සමාජයෙන් දුරස්ථව රජය භාරයේ තබාගන්නා පුරවැසියෙකි. ඔහුව සතියක් ගෙදර ඉන්නකල් ඔහුගේ ආරක්ශාවට ජේලර්ලා හෝ පොලිසියෙන් දානවද? ඔහුට කරදරයක් වුනොත් වගකිව යුත්තේ රජයයි. වියතුන්ගේ ටිකිරි මොලටික නම් ශෝක්. අර මිනීමරුවෙක්ව නිදහස් කරලා කට්ටියම ලොක්කාගේ නම රැකගන්න ගලේ පැහැරූ බලලා වගේ එක එක දේවල් කරලා අනාගන්නවා.
කරනවනම් හොඳයි .නැත්නම් ඉතින් සර්ලට කඩේ යන අය විතරයි ගොඩ
ඒ අයට විදේශ ගමන් බලපත්‍රයත් අරන් දෙමු සතියකට
නිවාඩු දෙනවා? ඇයි එයාල හිරගෙදර රාජකාරියක්ද කරන්නේ?
හොඳින් හිටියනම් සිරගත වෙන්නේ නැහැ නේද?
එහෙමත් වෙනවද
වැඩේ තියෙන්නෙ සල්ලි තියෙන ලොකු මිනිස්සු විතරක් මරන දඩුවම් වලින් පොදු සමාව ලබල නිදහස් වෙනවානම්, රටේ නීතියක් කොහෙද ඉතින් අහිංසක මිනිස්සුත් උද්ඝෝෂණය කරනවා එයාලටත් ජනාධිපති සමාව ලබාදෙන්න කියලා.
එබැවින්, සාක්‍ෂි නොමැති බැවින් ලොහාන්ට එරෙහිව නඩු පවරන්නේ නැත. සෙමෙන් නිදහස් වේ.