IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


හැඳුණුම්පත් එක් දින සේවාව යළිත්

(යොහාන් භාසුර)

‘කොවිඩ්’ වසංගත තත්වය හේතුවෙන් අත්හිටුවා තිබූ ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව දිනයක් සහ වේලාවක් වෙන්කරගන්නා ඉල්ලුම්කරුවන් සඳහා පමණක් ලබන 25 වැනිදා සිට ආරම්භ කරන බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් සහ ගාල්ල දකුණු පළාත් කාර්යාලයෙන් පමණක් එක්දින සේවාව ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත් ජාතික හැදුනුම්පත් ඉල්ලුම්කරුවන් ග්‍රාම නිලධාරීවරයා මගින් සහතික කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැදුනුම්පත් ශාඛා කාර්යාලය වෙත යොමු වී දිනයක් සහ වේලාවක් වෙන්කරගත යුතු බවත් වියානි ගුණතිලක මහතා කීය.

වෙන්කරගත් නියමිත දිනට දෙපාර්තමේන්තුවට පැමිණීමට අපොහොසත් වන ඉල්ලුම්කරුවන් නැවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යොමු වී වෙනත් දිනයක් ලබාගත යුතු බව කී පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල්වරයා සාමාන්‍ය සේවා හැදුනුම්පත් ලබාගැනීම සඳහා අංක වෙන්කරගත් ඉල්ලුම්කරුවන්ට ද නියමිත දිනයේ පැමිණ හැදුනුම්පත ලබාගත හැකි බව ද පැවසීය.

 



අදහස් (1)

හැඳුණුම්පත් එක් දින සේවාව යළිත්

iceberg slim Thursday, 21 October 2021 11:58 PM

''සර්'', ජාතික හැඳුනුම්පත්වලට කලියෙන් අපිට පාස්පෝර්ට් හදලා දෙන්න.. පින්. ඉක්මණටම.. යන්න වුවමනායි... සර්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 87 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2024 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1563 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site