





(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
කොළඹ හෙද විදුහලේ 2017 -A සිසු හෙද කණ්ඩායම සඳහා හිස් වැසූම් පැළඳවීම හා සේවයට කැප වීමේ උලෙළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) අරලියගහ මැදුරේදී පැවැත්විණි.
මෙහිදී විශිෂ්ට දක්ෂතා දැක්වූ හෙදියන් කිහිපදෙනෙක් අග්‍රාමාත්‍යවරයා අතින් විශේෂ පදක්කම් ලැබූහ.
රාජ්‍ය හෙද එක්සත් වෘත්තීය සමිතියේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්,කොළඹ හෙද විදුහලේ විදුහල්පතිනි ඩබ්ලිව්. එස්. ඩබ්ලිව්. පියසේන මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැමට මහජනතාව වෙනුවෙන්ම අවංකව සේවය කිරීමට හැකි වේවා..!!!
සෞඛ්‍ය ඇමතිගේ වැඩෙත් දැන් අපේ රටේ කරන්නේ අගමැතිද? උත්සව තියලා ඔය තොප්පි ටික ඔලුවට දමා ගත්තට පලක් නැහැ, දයාව, කරුණාව, ඉවසීම, සහකම්පනය කොතරම්ද කියලා මම නම් මගේ ඇස් දෙකෙන්ම දැකලා තියනවා. රජයේ රෝහල් වල ප්‍රතිකාර ලබන රෝගීන්ව බලන්න ගිය බොහෝ අවස්ථාවල. බොහෝ හෙදියන් හැසිරෙන්නේ උජාරුවෙන් ඔලුවේ අං ඇවිල්ලා වාගෙයි. මුදල් ගෙවන නිසා වෙන්න ඇති... පෞද්ගලික රෝහල්වල නම් ඒ තත්වය නැහැ.
මෙයාලගේ ලස්සනට බෙහෙත් අවශ්‍ය නැහැනේ.