(ඩයනා උදයංගනී සහ නිමල කොඩිතුවක්කු)
උසස්වීම් ක‍්‍රමයේ විෂමතා ඉවත් කරගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති 16ක් අද (8) පෙරවරු 7.00 සිට දීපව්‍යාප්තව ක‍්‍රියාත්මක කළ එක් දින වැඩ වර්ජනය හේතුවෙන් රෝහල් රැසක දෛනික කටයුතුවලට බාධා එල්ල වූ බව වාර්තා වේ.
මේ හේතුවෙන් කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් ගණනාවක සායන, වෛද්‍ය පරීක්‍ෂණ ඇතුළු කටයුතු රැසක් නිසි ලෙස සිදුනොවූ බව ආරංචි මාර්ග පවසයි.
ඇතැම් රෝහල්වල සායනවලදී වෛද්‍යවරුන් විසින් බෙහෙත් නිර්දේශ කර ඇතත් ඖෂධ සැපයුම් අංශ වසා දමා තිබීම හේතුවෙන් එම රෝගීන්ට ඖෂධ ලබානොගෙන හිස් අතින්ම පිටත්ව යාමට සිදුවූ බවද වාර්තා විය.
කොළඹ ජාතික රෝහල, මහනුවර මහ රෝහල, රත්නපුර මහ රෝහල, අනුරාධපුර ශික්‍ෂණ රෝහල, කළුබෝවිල ශික්‍ෂණ රෝහල, ගම්පහ මූලික රෝහල ආදී රෝහල් රැසක කටයුතුවලට මේ හේතුවෙන් බාධා එල්ල වී තිබිණි.
උපාධිධාරීන්ට වෘත්තීමය වැටුප් තලයක් ලබාගැනීම සහ රනුග්ගේ කොමිසමේ වාර්තාව ක‍්‍රියාවට නැංවීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල්කරගනිමින් හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති 16ක් අද (8) පෙරවරු 7.00 සිට දීපව්‍යාප්තව ආරම්භ කළ මෙම එක් දින වැඩ වර්ජනය ඉතා සාර්ථක වූ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා පැවසීය.
මෙම වැඩවර්ජනය හෙට (9) පෙරවරු 8.00ට අවසන්වීමට නියමිත අතර රජය මේ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු නොකළහොත් අනිද්දා (10) යළිත් රැස්වී ගත යුතු ඉදිරි වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැන තීරණයක් ගන්නා බව ද රත්නප‍්‍රිය මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ දුප්පත් රෝගීන් ගැන නොසිතන, ඔවුන්ගේ බදු මුදලින් වැටුප් ලබන මේ ජාතියට, උසස් වීම් නොවේ, මොන දේ ලැබුනත් ඔවුන්ට වගතුවක් නොවන බව ස්ථීරයි.. කිසිදා, රෝගී නොවේ යයි සිතා, රෝගීන්ගේ ජීවිත බිල්ලට ගෙන කටයුතු කරන මේ වුර්තීය සංගම් යයි කියා ගන්නා මාෆියා සංගම් කාරයින්ට කවදා හෝ ස්වභාව ධර්මය විසින් මොවුන් ඇතුළු, ඔවුන්ගේ දරු පරම්පරාවටත්, උසස් අන්දමින් දඬුවම් නොදුන හොත්, ලොව තිබෙන සියලු ධර්මයන් අසත්‍ය බවත්, ධර්මය වෙනුවෙන්,අප කාලය නහස්ති නොකළ යුතු බව, මේ අය හට දන්වන අතරම, ඔවුන් නගින මේ උසේ තරමටම, බිමට පතිත වෙන වේගය වැඩි බවද අවධාරණය කරමි. මහජනතාවගේ බදු මුදලට පින්සිඳු වන්නට, රජයෙන් නොමිලේ සපයන මේ සෞඛ්‍යය සේවාව තරම් ජරාවට පත්වුන වෙනත් සේවයක් මේ රටේ නැති තරම්.
වර්ජනය අති සාර්ථකයි ...මේවා මෙහෙයවන උන්න්නන්සේට තෙරුනුවන්ගේම සරණි...
මේවා මෙහෙයවන අයටත් කරන ශාප වේවි. රජයේ රෝහලකට එන්නේ අන්ත දුප්පත් මිනිස්සු. අහිංසක මිනිස්සු අමාරුවේ දාල ගන්න සල්ලි වලට වගතුවක් වෙන්නේ නැහැ.