IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


හදිසි හා අත්‍යවශ්‍ය නඩු පමණක් විවෘත අධිකරණයට කැදවයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

කොවිඩ් 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් ලබන 31 වැනිදා තෙක් හදිසි අතවශ්‍ය නඩු පමණක් විවෘත අධිකරණය හමුවේ කැදවන බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මෙසේ විවෘත අධිකරණයේ කැදවීමට අවශ්‍ය හදිසි හා අත්‍යවශ්‍ය නඩු අදාළ පාර්ශවකරුවන්ට දැනුම් දීමෙන් පසු මෝසමක් මාර්ගයෙන් කැදවිය හැකි බවද , මෙම නඩු විභාගයන් පෙරවරු 11.00ට ආරම්භ කරන බවද ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරයා නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

අදාළ විනිසුරුවරයාගේ අවසරයකින් තොරව නඩු වලට සම්බන්ධ පාර්ශවකරුවන්ට අධිකරණ ශාලාවට ඇතුළත් විය නොහැකි බවත් ,සියලුම නීතීඥවරුන් කොවිඩ් 19 සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පිළිපැදිය යුතු බවත් , එහි වැඩිදුරටත් සදහන් වේ.

නීතීඥවරයෙකු අධිකරණ ශාලාවකට ඇතුළ විය යුත්තේ ඔවුන්ට ආදළ නඩුව කැදවන අවස්ථාවේදී පමණක් බවත් , ලබන 31 වැනිදා සියලුම නඩු කටයුතු වලට සම්බන්ධ ලේඛන පෙරවරු 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා ලේඛකාධිකාරී කාර්යාලයට බාර දිය හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරයා නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

 



අදහස් (1)

හදිසි හා අත්‍යවශ්‍ය නඩු පමණක් විවෘත අධිකරණයට කැදවයි

බද්රානි Tuesday, 24 August 2021 04:01 PM

පමා නොකර, නිදොස් කොට නිදහස් කරන වැඩේ ඉක්මනින්ම කරගත්තොත් කෝකටත් හොඳයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 69 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 868 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site