( ජයන්ත සමරකෝන් )
පරිගණක පද්ධතියේ ඇති වූ දොෂයක් හේතුවෙන් නවතා දමා තිබූ එක් දින හැදුනුම්පත් නිකුත් කිරීමේ සේවාව හෙට (8) සිට නැවත ක්‍රියාත්මක කිරීමට හැකි බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
සේවය අක්‍රීය වී තිබු දින දෙක තුලදී ඒ සඳහා මුදල් ගෙවා තිබු අයදුම්පත් සඳහාත් සාමාන්‍ය සේවා යටතේ අයදුම්පත් බාරදුන් පිරිසට හෙට දිනයේදී හැඳුනුම්පත් ලබා ගැනීමට හැකිය.
ඊට අමතරව එක් දින සේවාව ලබා ගැනීමේ අපේක්ෂාවෙන් එම දින දෙකේදී අයදුම්පත් බාරදුන් පිරිසට නොමිලේ හැදුනුම්පත් නිකුත් කෙරෙන බව පුද්ගලයින් ලියාපදංචි කිරීමේ කොමසාරිස් වියානි ගුණතිලක මහතා පැවසීය.
එම දිනයන් දෙකේදී හැදුනුම්පත් අයදුම්පත් 2000 ක් පමණ භාරදී ඇතැයි ද ඒ මහතා පැවසීය.
ඉකුත් 05 වැනිදා පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයකින් මෙලෙස හැදුනුම්පත් එක් දින සේවාව අක්‍රීයව පැවැතිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd