( ජයන්ත සමරකෝන් )
පරිගණක පද්ධතියේ ඇති වූ දොෂයක් හේතුවෙන් නවතා දමා තිබූ එක් දින හැදුනුම්පත් නිකුත් කිරීමේ සේවාව හෙට (8) සිට නැවත ක්‍රියාත්මක කිරීමට හැකි බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
සේවය අක්‍රීය වී තිබු දින දෙක තුලදී ඒ සඳහා මුදල් ගෙවා තිබු අයදුම්පත් සඳහාත් සාමාන්‍ය සේවා යටතේ අයදුම්පත් බාරදුන් පිරිසට හෙට දිනයේදී හැඳුනුම්පත් ලබා ගැනීමට හැකිය.
ඊට අමතරව එක් දින සේවාව ලබා ගැනීමේ අපේක්ෂාවෙන් එම දින දෙකේදී අයදුම්පත් බාරදුන් පිරිසට නොමිලේ හැදුනුම්පත් නිකුත් කෙරෙන බව පුද්ගලයින් ලියාපදංචි කිරීමේ කොමසාරිස් වියානි ගුණතිලක මහතා පැවසීය.
එම දිනයන් දෙකේදී හැදුනුම්පත් අයදුම්පත් 2000 ක් පමණ භාරදී ඇතැයි ද ඒ මහතා පැවසීය.
ඉකුත් 05 වැනිදා පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයකින් මෙලෙස හැදුනුම්පත් එක් දින සේවාව අක්‍රීයව පැවැතිණි.
2025 දෙසැම්බර් මස 04
635
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
528
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හැදුනුම්පත් එක් දින සේවාව හෙට සිට යළි සක්‍රීයයි