IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


’’හදට හදක්’’ එළිදකී



''හදට හදක්'' භාරකාර අරමුදලේ නව වෙබ් අඩවිය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (16)  ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේ දී සිදුවිය.

හදට හදක් භාරකාර අරමුදල හදවත් රෝගවලට ගොදුරු වී සිටින, එම සැත්කම් සදහා මුදල් සොයාගත නොහැකි ජනතාව වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ මූලිකත්වයෙන් මෙය පිහිටුවා ඇත.

ශ්‍රී ලංකාව හෘදරෝග අවම රටක් බවට පත්කිරීම මෙම අරමුදලේ අරමුණ වන අතර හෘද රෝග චිකිත්සක සේවාව වැඩිදියුණුකර එහි ගුණාත්මක බව ඉහළ නැංවීම තවත් අරමුණකි.

හදට හදක් අරමුදල පිළිබඳ තොරතුරු පහසුවෙන් දැනගැනීම සඳහා මෙම වෙබ් අඩවිය ඛෙහෙවින් උපකාරී වන අතර මෙම අරමුදලේ ආධාර හෘද රෝගින්ට ලබාගැනීම අයදුම් කිරීමේ පහසුකමද ඉදිරියේදී මෙම වෙබ් අඩවිය මගින් සැලසෙනු ඇත.

හදට හදක් ව්‍යාපෘතිය සඳහා පරිත්‍යාශීලින් කිහිපදෙනෙකු විසින් සිදුකරන ලද පරිත්‍යාග මෙහි දී නිල වශයෙන් ජනාධිපතිතුමා වෙත භාරදීම සිදු විය.

වෛද්‍ය අතුල කහඳලියනගේ, විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක, විශේෂඥ වෛද්‍ය රාජිත ද සිල්වා යන මහත්වරුන්ද, හදට හදක් භාරකාර අරමුදලේ ජාතික සංවිධායක විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් ඩයස්, ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්ෂ එච්.එම්.බී. වික්‍රමනායක, නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රභාත් වේරවත්ත යන මහත්වරුන් ද, විද්වතුන්, කලාකරුවන් ඇතුථ සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

( ඡායාරූප ජනාධිපති මාධ්‍ය අංශය ) 

(36698)



අදහස් (4)

’’හදට හදක්’’ එළිදකී

Samathasena A . Aluthgamage. Saturday, 16 February 2019 12:03 PM

ඉතාමත්ම හොඳ වැඩක් වගේම මාහැඟි පින්කමක්. අප කව්රුත් මැරෙන මිනිස්සු. තවත් කෙනෙකු ජීවත් කරවීමම උතුම් ක්‍රියාවක්. ජනපති තුමා ඇතුළු මේ සත්ක්‍රියාවට උරදුන් සැමට අපගේ ප්‍රණාමය.!!!

:       18       153

smn Saturday, 16 February 2019 12:05 PM

කතිර කලබලේට කළත් ඉතාම ප්‍රශංසනීය වෑයමක් මේක. හදවත් සැත්කම් සඳහා ජනාධිපති අරමුදලින් දැනටමත් ප්‍රමාණවත් ආධාර ලබා දෙනවැයි කියල මං හිතනවා. මෙම ආධාර සපයන ක්‍රමවේදය වෙනත් බරපතළ රෝග සඳහාත් ව්‍යාප්ත කළ හැකිනම් වඩාත් හොඳයි.

:       0       31

UPALI Saturday, 16 February 2019 12:36 PM

හදවතක් නැති අර්ජුන් අැලෝසියස් වගේ අයට නම් ප්‍රතිකාර කරන්න එපා...

:       2       20

leel gunawardena Sunday, 17 February 2019 06:03 PM

ඉතාම හොඳ වැඩක්... මෙය ඉදිරියටම ගෙනයාමට සියලුදෙනාම උදව් කළයුතු වෙනවා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31147 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13286 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 888 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site