(ආරියරත්න රණබාහු, සුජිත් හේවාජුලිගේ සහ ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ලැබීමට පෙර අවලංගු කිරීමට ජනාධිපතිවරයාට හැකි බවට එස්.බී දිසානායක මහතා කර ඇති ප්‍රකාශයේ හඬ එස්.බී ගේ වුවත් එහි පසුබිමේ ඇත්තේ වෙනත් අයෙකු විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණු ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපතිවරයාගේ ක්‍රියාව ව්‍යවස්ථා විරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේ චෝදනාවට එතුමා ලක්වන බව කී හේරත් මහතා ජනාධිපතිවරයා දැන් මෙම ප්‍රශ්නය හත්පොළේ ගාගෙන ඇතැයි ද චෝදනා කළේය.
විජිත හේරත් මහතා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී අද (23) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ් වගේම හඬ විජිතගේ වුණාට අත රනිල්ගේ...
එස්.බී ගේ "රංගේද" කියන හඬත් ජනාධිපතිගේද?
ජනතාවගේ මතය ප්‍රකාශයට පත්වෙනතුරු මේ ගොල්ලන්ට තියෙන්නේ අනුන්ගේ රෙදි අපුල්ල අපුල්ලා ඉන්න. මේ රතු අලිපැටවුන්ට එදා ඉඳන්ම තිබුණු රාජකාරිය තමයි පවතින රජයට කඩේ යන එක... මේ ගොල්ලන්ට ප්‍රතිපත්තියකුත් නැහැ. එදා ඉඳන්ම කලේ වෛරී දේශපාලනයයි.
මේ වෙලාවේ කොහොමත් මොලයක් තියෙන ඕන කෙනෙක් පෙනී ඉන්න ඕන විධායකයේ ක්‍රියාවට එරෙහිව. මේ හරහා පාර්ලිමේන්තුවට, උසාවියට, රජයේ ලේකම්වරුන්ටත් ශක්තිමත්ව වැඩ කරන්න පුලුවන් වෙනවා නීතිය ඉදිරියේ මෙය සාර්ථක වුනොත්. 77 ව්‍යවස්ථාවට පෙර රජයේ සේවය කරන අය සැහෙන්න බය වුනා අල්ලස් ගන්න. හේතුව අහු වුනත් බේරගන්න කෙනෙක් හිටියේ නෑ. නැවතත් මේක හොද අවස්ථාවක්.
මෙයාලගෙන් රටට වැඩක් වෙනවද? රටට ආදරේ, රට රැක ගන්නා පිරිසක් අපට ඕනේ මේ රට බෙදන්න බෑ
මහජන නියෝජිතයෝ මෙතරම් ඡන්දයට යන්න බයද ?
ඉන්ද්‍රා, ඔය සම්ප්‍රදායික පරන තැටියක්. කිසිම කෙනෙක් රටක් බෙදන්ඩ යන්නේ නෑ එහෙම කරන්ඩ පුලුවන් කමකුත් නැහැ. හැබැයි අමතක කරන්ඩ එපා කොළඹ හොදම කොටසක් තියෙනවා අද ලංකාවට අයිති නැති. ඒක නැතිකරේ කවුද කියලත් හොයල බලන්ඩ.