( +++ සුසිත ප්‍රනාන්දු-ඩේලිමිරර්)
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ විනිශ්චයකාරවරුන් කිහිප දෙනකු අතර හුවමාරු වී ඇතැයි කියන දුරකතන සංවාද පිළිබඳව කඩිනම් විමර්ශනයක් කරන ලෙස මහාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංගමය අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
ආන්දෝලනයට තුඩු දී ඇති එම දුරකතන සංවාද සම්බන්ධයෙන් මහාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංගමයේ 8 වැනිදා පැවැති විශේෂ කමිටු රැස්වීමේදී සාකච්ඡාවට ගෙන ඇති අතර එම රැස්වීමෙන් අනතුරුව ඉහත ඉල්ලීම කරමින් සංගමය අගවිනිසුරුවරයාට ලිපියක්ද යවා තිබේ.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට යවා ඇති එම ලිපියේ පිටපත් අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින්ට ද යවා ඇත.
මහාධිකරණ විනිශ්චයකරුවරුන්ගේ සංගමයේ සභාපති සම්පත් බී. අබේකෝන් සහ ලේකම් ඒ.කේ.එම්. පටබැඳිගේ යන මහත්වරුන්ගේ අත්සන් යුතුව නිකුත්කර ඇති එම ලිපියේ සඳහන් කර ඇත්තේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට මෙම සිද්ධීන් බැරෑරුම් තර්ජනයක් වන බවය.
මෙම දෝෂදර්ශනයට ලක්ව ඇති දුරකතන සංවාද රටපුරා පැතිර යාමෙන් අධිකරණයේ ප්‍රතිරූපයට කැළලක් විය හැකි හෙයින් ඉතා ඉක්මනින් විමර්ෂණයක් කර පියවර ගන්නා ලෙසද මහාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ සංගමය අගවිනිසුරුවරයාට යවා ඇති ලිපියේ සඳහන් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
482
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හඬපට සංවාද ගැන වහා විමර්ශනයක් කරන්න
Saman Friday, 10 January 2020 08:40 AM
ලංකාවේ ක්‍රියාත්මක නීතිය කියන්නේ මොකක්ද කියල තේරුනේ දැන් තමයි.
ගැමුණු Friday, 10 January 2020 09:08 AM
නඩුකාර හාමුදුරුවරු නිවැරදි මාවතට ගැනීමට නම් නඩු තීන්දු විවේචනය කිරීමේ අයිතිය ජනතාවට දිය යුතුයි. දැනට එලෙස නොමැති බැවින් මොවුන් එයට මුවාවී අන්ත දූෂිත වී ඇත.
BamunuarachchiFriday, 10 January 2020 02:33 PM
මොනරටේද එහෙම විවේචනය කරන්න ඉඩ දෙන්නේ? නඩුවක් විවේචනය කරන්න කොපමණ නීති දැනුමක් තිබෙන්න ඕනෙද? එහෙම නීති දැනුමක් තිබෙන අය නඩු විවේචනය කරන්නේ නැත. එයට හේතුව තීන්දුව සාක්ෂි මත ගොඩනැගුණු ඔපීනියන් එකක් බව තේරුම් ගන්න නිසායි. හැම "ටින් ටොම් හැරී" ම නඩු විවේචනය කරන්න ගියොත් ලස්සනට හිටීවි.