(ජයන්ත සමරකෝන්)
ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් හෙට(01) සිට සතියක් පුරා සෑම පෞද්ගලික හා රාජ්‍ය ආයතන ගොඩනැගිල්ලකම ජාතික ධජය ඔසවා තබන මෙන් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය දන්වා සිටී.
ඒ සමඟම පෙබරවාරි 3 සහ 4 යන දිනයන්හි සියලු රාජ්‍ය ආයතන විදුලි ආලෝකයෙන් සරසන ලෙසද අමාත්‍යංශය රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත උපදෙස් දී තිබේ.
මෙවර පැවැත්වීමට නියමිත 72 වන නිදහස් දින ජාතික උලෙළේ ත්‍රිවිධ හමුදා සහ පොලිස් ආචාර පෙළපාලිය සඳහා නිලධාරීන් 7267ක් සහභාගී වන බවද, සංස්කෘතික කණ්ඩායම්වල ශිල්පීන් 451දෙනෙකු සහභාගී වන බවද රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.
යුද හමුදාවෙන් 4325ක්, නාවික හමුදාවෙන් 868ක්, ගුවන් හමුදාවෙන් 815ක්, පොලිසියෙන් 1382ක්, සිවිල් ආරක්ෂක බලකායෙන් 515ක් සහ ශිෂ්‍ය භට බලකායෙන් 355ක් මෙම ආචාර පෙළපාලිය නියෝජනය කිරීමට නියමිතය.
තානාපති නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් 2000ක් ස ඳහා මෙම අවස්ථාවට සහභාගී වීම සඳහා ආරාධනා පත් යවා ඇති අතර මහජනතාවගෙන් 1000කට පමණ ක්‍රීඩා අමාත්‍යංශ ක්‍රීඩා භූමියේ සිට ආචාර පෙළපාලිය නැරඹීමට අවස්ථාව සලසා ඇතැයිද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යවරයා කීය.
COMMENTS
නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරිය යුතුය. එහෙත් විදුලි බල ඇමතිවරයා විසින් විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න කියලා මිනිස්සුන්ට කියන වෙලාවක තවත් ඇමතියෙක්ම ඒකට හාත්පසින්ම නොගැළපෙන කතාවක් කියනවා.
චීනයේ මහපු කොඩියක් , බංගලාදේශේ හදාපු ලණුවක ගැට ගහලා ඉන්දියාවේ හදාපු කණුවක් මත අපේ ජාතික ධජය පුර්ණ කුඹ කොට ඔසවා තබන අපි ප්‍රෞඪ ලාංකිකයන් වෙමු.
කළ යුත්තේ ජාතික ධජය සතියක් අඩ කුඹ කර තැබීමයි. එංගලන්තයෙන් වෙන්වී සිදුවුණා විනාශය සමරන්න.
ජාතික කොඩිය දිනොඅතම රාජ්‍ය ආයතනවල මහා ඉහළින් බැබලෙන්න ඕනෑ ඕක කවුරුවත් කියන්න අවශ්‍ය දෙයක් නෙමේ නමුත් ලොකු ඔලු ගෙඩිවලට එක වැටහෙන්නේ නැහැ මේ සතිය රට කාපු සියලුම හොරුටික උපවාස කරන්න නොකා නොබී කොයිතරම් ලස්සන රටක්ද? ඒ වගේම සිරිත් විරිත් වලින් පිරුණු මිනිස්සුද හිටියේ... ජාති භේදය කියන දේ නොදැන එක පවුලක දරුවන් වගේ හිටියේ... මේ අය රටත් කෑවා.. ජනතාවත් කෑවා.. දැන් ධජය කන්න හදනවා. ළඟදීම සිංහයාත් ඔලුවෙන් හිටගනියි. නිදහස කියනදේ මේ ආත්මේ ලැබෙන්නේ නැහැ ජනතාවට හොරුන්ගේ හොර බිල් ඒ තරම් විශාලයි.
සුද්දන්ගෙන් රට බාරගෙන රට කාපු තාමත් රට උලාකන කළු සුද්දන්ගේ ජොලිය සමරන්නද කොඩිදාන්නේ...?
මතක තියා ගන්න. කරන දෙයක් සිංහලෙන් විතරයි. දෙමළෙන් එහෙම නෙවේ ඔන්න. පස්සේ කිව්වේ නෑ කියන්න එපා.
නොදන්නා හින්දයි අහන්නේ... මොකද දන්නේ නෑ සතියක් එහෙම කරන්න කියලා ආණ්ඩුව අපට කියන්නේ... මොකක් හරි විශේෂ යමක් සිද්ද වෙන්නවත් යනවද?
එංගලන්ත පරගැති භාවයට වහල් වූවන්ට රට ගැන ආදරයක් නැති බව ප්‍රතිචාරවලින් පෙනේ.
ඉංග්‍රීසින්ගෙන් නිදහස ලැබී අවුරුදු 71ක් ලබනවා.. අපේ රටට... එදා අපි නිදහස ලබන විට අපේ විදේශ සංචිතය පමණක් පවුම් බිලියනයක් තිබිලා තියෙනවා. විදේශ ණය = 0 යි.. එයින් පසු බලයට ආපු පක්ෂ දෙකේ හිටපු/ සිටින මෝඩ, නූගත්, අන්ත දූෂිත, හොර රැල අපේ රට නැත්තටම නැතිකරලා, අපේ රටේ වස්තුව කොල්ලකාලා, රට වැසියන්ගේ බදු මුදල්, වංචා කරලා... අන්තිමට කාටත් හොරෙන් රටේ කෑලි කෑලි විදේශිකයින්ට වික්කා. තවමත් විකුණනවා. රට වැසියන් එකිනෙකා " කොටවා" උනුන් අතරේ අසමගිය පතුරලා... ලක්ෂ ගණනක් ජීවිත රටට අහිමි කළා. ඒ නිසා මේ නිදහස් දිනය සමරන්න ක්‍රමයක් මගේ හිතේ තියෙනවා... නිදහස් දින උත්සවයේදී නිදහස සමරන්න. හමුදාවෙන් කාල තුවක්කු, වෙඩි මුර 21 මුහුද දිශාවට එල්ල කරනවා. මේ සැරේ කාල තුවක්කු සියල්ලම " දියවන්නාවේ තියෙන - මුළු රටටම ශාපයක් වුණු .. පාර්ලිමේන්තුවද මොකක්ද කියන කුණු හරුප හොල්මන් මාලිගාව"දෙසට එල්ල කරලා දල්වන්න. ඔය භුතමාලිගාවට අරක්ගෙන සිටිනා හොර නරි 225 සමගම ඕක පොළවටම සමතලා කළොත්... අපේ රටට " අර්ථවත් නිදහසක් "ලැබේවි...