(යොහාන් භාසුර)
සමස්ත ශ්‍රී ලංකාවට හෙට (16) රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේය.
මෙම ඇදිරි නීතිය අත්‍යවශ්‍ය සේවා සඳහා බලනොපාන බව ද ප්රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියයි.හෙට සිට සැම දිනකම රාත්‍රී 10 සිට අලුයම 4.00 දක්වා ඇඳිරිනීතිය පනවන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
COMMENTS
රෑට තමයි කොරෝනා වෛරසය ඇක්ටිව් වෙන්නේ... මිනිස්සු ගොඩක් එළියට යන්නෙත් ඒ වෙලාවට.. හොඳ බුද්ධිමත් තීරණයක්. මෙන්න මේ වගේ බුද්ධිමත් තීරණ තමයි රටට අවශ්‍ය.. හොඳ දැක්මක් තියෙනවා. ඉදිරිය සුබයි.
නිශාචරයින්ට වසංගතය බෝවෙන එක වළක්වාගන්න වෙන්න ඇති. වෙන තේරුමක් නම් නෑ.
පැලැස්තර?
රට වටේ කොරෝනා බෙද බෙද ගිය වවුලන්ට හොඳ වැඩේ...
නිශාචර ඇඳිරි නීතීය... කාටද? වවුලන්ටද? දැන් රෙද්දෙම ගිහිල්ලා තියෙන්නේ. ඒ වුණාට පම්පෝරියයි උද්දච්ඡ කමයි නැති වෙලා නෑ. මේ ගොල්ලොත් නිකන් ගරා වැටුණු වලව්වක උදවිය වංශේ කබල් ගානවා වගේ... ඔක්කෝටම වඩා හොඳටම කරනවා...
ඒ වෙලාවට වෙන්න ඇති ලෙඩේ වැඩිපුර බෝවෙන්නේ නේද?
රෑට නින්දෙන් ඇවිදින එවුන්ට දාලා තියෙන්නේ..!!!
නුඹ නාඩන් අපිට පිස්සු
මේ ආණ්ඩුවට ඔලමෝන්ජල් ,හරිම කණගාටුවක් හිතට දැනෙන්නේ !
මට පේන විදියට මේ තීරණ ගන්න මහත්වරුන්ගෙ නෝනලා හමුවෙන්න රෑට රෑට හොර මිනිස්සු එන එක වළක්වන්න තමයි මේ තීරණය අරන් තියෙන්නෙ... මේ දවස්වල බිසී නිසා මහත්තයා රෑට ගෙදර නැතුව ඇති. ඉතාමත් ආරක්ෂිත පියවරක්
විද්වතුන් විසින් දෙන ලද උපදෙස් අනුව රත්‍රී 10 සිට අලුයම 4 දක්වා කාලය කොවිඩ් පැතිරෙන කාලසීමාව බැවින්, රජය විසින් මෙම තිරණය ගෙන ඇති බව සලකන්න.
ආර්ථිකයට අවම හානියක් වෙන වේලාව හොයාගෙන ඇඳිරිනීතිය දාලා ...
හමුදාපති තුමා හරිම මොළකාරයෙක් ..රෑට ඇදිරි නීතිය දාලා තියෙන්නේ හොරකමේ යන අයට වෙන්ඩැ.
අතීසාරයට අමුඩ ගහලා හරියන්නේ නැහැ නේද ?
මෙය හොඳ ආරම්භයක්. කොරෝනාවෙන් ආරක්ෂා වීමේ වගකීම 50% රජයෙන් බාර ගත යුතු අතර, ඉතිරි 50% මහජනයා බාර ගත යුතුයි.
ඇත්තටම ලැජ්ජයි .ඔබතුමා යුද්ධෙ කාලෙ හමුදාපති වෙලා හිටියානම් අබ සරනයි. ඔහොමද තීරණ ගන්නෙ? රෑ 10 - 4 අතරද කොරෝනා වැඩි පුර බෝවෙන්නෙ ?. කොන්ද කෙලින් තියන් තීරණ ගන්නකො ෆොන්සේකා මහත්තයා වගේ. කරන්න දෙන්නෙ නැත්නම් ඉල්ලා අස්වෙන්න. රූකඩයක් නොවී.
මේ කියන වෙලාවට කොරෝනා බෝවෙන්නේ බිරිඳගෙන් සැමියටයි... සැමියාගෙන් බිරිඳටයි විතරයි..
ඉතාම දූරදර්ශී තීරණයක්... මොකද මේ කොරෝනා කිරයින් ඇවිද්න්නේම රෑ 10න් පස්සෙනේ... අනික මේ හොරු, එතකොට හොල්මන් එහෙමත් එළියට බහින්නේ ඔය රෑ 10න් පස්සෙනේ... අනේ ඉතින් සෞභාග්‍යය තමයි. රට කෑවා. දැන්වත් මේ රට වහලා ජීවිත ගැන හිතන්න මේ අයට බැරිද?
කොරෝනා වැඩිපුර බෝවෙන්නේ රෑට රෑට කොටු පනින්නන්ගෙන් බව ලංකාවේ කරන ලද විද්‍යාත්මක සමීක්ෂණයකින් සොයාගෙන තිබේ...!
රෑට රෑට මගේ කුකුල් කොටුවට පැනල මගේ කුකුල්ලු ටික උස්සන මුකටියට හොද පාඩම!
මේ තීරණය සත්තු ආරක්ෂා කරන්න, මිනිස්සු ආරක්ෂා කරන්න කියල වරදවා තේරුම් ගන්න එපා.
විද්‍යාත්මකව හිතපල්ලා මෝඩයිනේ.... ඒ වෙලාවට ඇදිරිනීතිය දැම්මෙ වෙඩිං තහනං වෙච්චි මගුල් ජෝඩු ටික හදපානෙ පැනලගිහිං කොරෝන හදාගනියි කියල බයට!
රට වහන්න කියන්නේ නම් නෑ .එත් මේ රෑ 10 දාලා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ?