(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවේදී හෙට (8) දිවුරුම් දෙන බැසිල් රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ නවවැනි ආසනය සූදානම් කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම්දීමට ප්‍රථම ඇමතිවරයකු වශයෙන් අද උදේ දිවුරුම් දෙන හෙයින් ඔහුට මෙසේ ඉදිරි පෙළ අසුනක් පනවන බවද වේත්‍රධාරිවරයා ප්‍රකාශ කළේය .

මේ අනුව බැසිල් රාජපක්ෂ මහතා මැතිසබේ අසුන් ගත් පසු ඔහුගේ වම් පස ඇත්තේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයයි. ඔහුට දකුණු පස ආසනය සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට වෙන් වී ඇත.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී හෙට (8)උදේ දිවුරුම්දීමට නියමිතව ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේය.

බැසිල් රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රජයේ ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස කාලයක් කටයුතු කළේය.