IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


හෙට දිවුරුම් දෙන බැසිල්ට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ ආසනයක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පාර්ලිමේන්තුවේදී හෙට (8) දිවුරුම් දෙන බැසිල් රාජපක්ෂ මහතාට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ නවවැනි ආසනය සූදානම් කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.

බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම්දීමට ප්‍රථම ඇමතිවරයකු වශයෙන් අද උදේ දිවුරුම් දෙන හෙයින් ඔහුට මෙසේ ඉදිරි පෙළ අසුනක් පනවන බවද වේත්‍රධාරිවරයා ප්‍රකාශ කළේය .

මේ අනුව බැසිල් රාජපක්ෂ මහතා මැතිසබේ අසුන් ගත් පසු ඔහුගේ වම් පස ඇත්තේ ජනාධිපතිවරයාට වෙන් කෙරුණු ආසනයයි. ඔහුට දකුණු පස ආසනය සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට වෙන් වී ඇත.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී හෙට (8)උදේ දිවුරුම්දීමට නියමිතව ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේය.

බැසිල් රාජපක්ෂ මහතා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රජයේ ආර්ථික සංවර්ධන ඇමතිවරයා ලෙස කාලයක් කටයුතු කළේය.

 



අදහස් (13)

හෙට දිවුරුම් දෙන බැසිල්ට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ ආසනයක්

ලමය Wednesday, 07 July 2021 04:15 PM

මොන පුටුවෙ ඉන්දුවත් වැඩක් නැහැ

:       1       324

ගිජුලිහිණි සංදේශය Wednesday, 07 July 2021 04:30 PM

රජ වරු සිටු වරුය බැලු බැලු හැම පැත්තේ , අද මෙන් හෙටද පිරිවර පුරවා වත්තේ , "දැහැමින් සෙමින්"උන් මඩි තර කර ගත්තේ , රට කරවන්න එකෙකුය තෝරා නැත්තේ

:       0       334

chandima Wednesday, 07 July 2021 04:59 PM

දැන් මොකද වෙන්නේ බලමු

:       5       76

PereraThursday, 08 July 2021 06:22 AM

මොනවා වෙන්නද ඉතින්... රට තව තව පල්ලමට තල්ලුවෙන එක මිසක්...

:       0       8

Janaka Wednesday, 07 July 2021 05:51 PM

මෙයාලට වැදගත් පුටුව විතරයි රට නොවෙයි. ඒ නිසයි රටට අහිතකර පනත් සම්මත කරගෙන ඔය එන්නේ. අපේ රටේ මිනිස්සු හිතන්නේ පුද්ගලයන්ට රට හදන්න පුලුවන් කියල. හොද සිස්ටම් එකකටයි පුලුවන් රටක් දියුනු කරන්න. බලලෝබී මිනිස්සුන්ව පවා පාලනය කරන්න පුලුවන් සිස්ටම් එකක් ඕනේ. හොදම උදාහරණය ඇමරිකාව.

:       0       0

Ruhunu Wednesday, 07 July 2021 06:00 PM

සතුටුයි සතුටුයි බලමු ඉස්සරහට

:       0       0

බද්රානි Wednesday, 07 July 2021 06:51 PM

එහෙම කොහොමද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස මොහුව පාර්ලිමේන්තුවට ගන්නේ? මේක තනිකරම ව්‍යවස්ථා විරෝධී වැඩක්.

:       0       0

jagath Wednesday, 07 July 2021 07:11 PM

මේගොල්ලෝ ඉතින් හිටු කියල දිව්රනවා. රටේ මිනිස්සු ජීවත් වෙන්ඩ විදියක් බලනවා.

:       0       0

Anticurruption Wednesday, 07 July 2021 08:09 PM

අපි ගෝඨාභය මහතා පත්කළේ රට හදයි කියලා. දැන් කරන්නේ පවුල හදන එක. ජනතාව වැඩියෙන් විශ්වාස කළ නායකයෙකි ඔහු. ඒ විශ්වාසය ඉක්මණින්ම කැඩූ නායකයාත් ඔහු...

:       0       0

රංගේ Wednesday, 07 July 2021 09:23 PM

වැස්සට එළියට බහින්න එපා මන්ත්‍රීතුමා... !!!

:       0       0

ana Wednesday, 07 July 2021 10:43 PM

දැන්වත් දැනෙනවාද මෛත්‍රිගේ ගුණ?

:       0       0

vikum Wednesday, 07 July 2021 11:05 PM

නුඹලා මෙ විනාශ කරන්නේ එක් පරම්පරාවක් නොවේ, පරම්පරා ගණනාවකි. නුුඹලා නුඹලාගේ පරම්පරා ගාණක් වෙනුවෙන් දෙස්විදෙස් උපයා සපයා ඇති වස්තු නුඹලාගේ හෙට දවස පෝෂණය කරාවි, නමුත් මේ රටේ අසරණ මිනිසුන්ගේ හෙට දවස දින දින අඳුරින් අඳුරට යති..

:       0       0

kapila Wednesday, 07 July 2021 11:52 PM

මහ හොරුටික දෙපැත්තේම ඉදිරිපෙළ වාඩිවීම හොඳයි. දෙපැත්ත බැලන්ස්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 738 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 898 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 373 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site