(ලක්ෂ්මී ජයකොඩි)
යුද්ධයෙන් මියගිය යාපනය විශ්ව විද්‍යාල සිසුන්, සේවකයින්, නිලධාරීන් සිහිපත් කිරීම වෙනුවෙන් එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඉදි කර තිබුණු මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය කඩා බිඳ දැමීමට විරෝධය දක්වමින් හෙට(11) උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි පුර්ණ හර්තාලයක් පැවැත්වීමට දෙමළ ජාතික සන්ධානය ඇතුළු එම පළාත් දෙමළ දේශපාලන පක්ෂ සාමුහික තීරණයක් ගෙන තිබේ.
එම දේශපාලන පක්ෂ විසින් කිළිනොච්චියේදි පැවැත්වු මාධ්‍ය හමුවේදි මෙම තීරණය දැනුම් දුන්නේය.
මෙම මාධ්‍ය හමුවට සහභාගි වු නියෝජීතයෝ අද පැවැත්වීමට නියමිත හර්තාලයට උතුරු නැගෙනහිර පළාත් සියලු ජනතාවගේ, ව්‍යාපාරිකයින්ගේ, වෙළඳසැල් හිමියන්ගේ සහයෝගය ඉල්ලා සිටියහ.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන්, ඊපීආර්එල්එෆ් පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, දෙමළ ජාතික පක්ෂයේ නායක එන් ශ්‍රීකාන්තා, තමිල් මක්කල් තේසීය කුට්ටනි වෙනුවෙන් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කේ. සීවාජීලිංගම්, ඊල තිමිලර් ස්වායිච්චි කළහම් පක්ෂයේ නායිකා අනන්දි සසිදරන් යන මහත්ම මහත්මිහු ඇතුළු තවත් දෙමළ දේශපාලන පක්ෂ රැසක නියෝජීතයින් හා සිවිල් සංවිධාන වල නියෝජීතයින්, විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් මෙම මාධ්‍ය හමුවට සහභාගි වුහ.
මේ අතර මෙම හර්තාලයට සහයෝගය ලබාදීමට නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් ඇතුළු පිරිසක් යතුරුපැදි පෙළපාලියකින් එම විශ්ව විද්‍යාලයේ සිට යාපනයට පැමිණිමට තිරණය කර ඇති බවද වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි...
ඉතා හොඳයි.