(ඉන්දිකා රාමනායක)
හිටපු යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද (20) සිට ජනරාල් නිලයට උසස් කර ඇති බව හමුදාව කියයි.
හිටපු යුද හමුදාපතිවරයාගේ සමුගැනීමේ උත්සවය අද යුද හමුදා මුලස්ථානයේ දී පැවති අතර යුද හමුදා සම්ප‍්‍රදානුකූලව යුද හමුදාපති ධුරය සංකේතවත් වන අසිපත නව හිටපු යුද හමුදාපතිවරයා විසින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත නිල වශයෙන් බාර දුන්නේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්.
ඔබතුමා ස්වාධීනව නිවැරදි දේ කරන්න .
හමුදාපතිවරයෙක් ලෙස මහේෂ් සේනානායක මහතා විශිෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ලෙස කටයුතු කල බව ඔහුට ගෞරව වශයෙන් සටහන් කර තැබිය යුතුය. යුද හමුදාවේ විවිධාකාර අකටයුතුකම් විෂමාචාර සහ මූල්‍ය දූෂන ගැන ඒ මහතාගේ කාල වකවානුවට පෙර ඕනෑ තරම් තොරතුරු අසන්නට ලැබුනද සේනානායක මහතාගේ පසුගිය වසර එක හමාරක සේවා කාලය තුල එවැනි කිසිදු දුෂමාන ආරංචියක් හෝ දැනගන්නට ලැබුනේ නැත. නව හමුදා පති තුමා මේවග සිහියේ තබාගෙන කටයුතු කලොත් ඉතාම වටිනා බවයි කිව යුත්තේ.
ලංකාව ලොකු අමාරුවක වැටෙන ලකුණු