IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක්

 (තිළිණි ද  සිල්වා සහ රංජන් කටුගම්පොළ )

හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට ලබන 28 වැනිදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (27) අතුරු නියෝගයක් නිකුත් කරන ලදී.

ලබන ජුනී 8 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි අභියාචනාධිකරණය  මෙම අතුරු නියෝගය නිකුත් කරනු ලැබ ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමඟ එක්වී බොරු සාක්ෂි සෑදීම සඳහා කුමන්ත්‍රණය කළා යැයි කියන චෝදනා යටතේ තමන්ට එරෙහිව නුගේ⁣ගොඩ  මහසේත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ගොනු කළ රිට් පෙත්සම සලකා බලමින් අභියාචනාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කළේය.

සභාපති ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.

මෙම පෙත්සම අද අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කාර හිටපු මහාධිකරණ විනිසුරුවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රො⁣මේෂ් ද සිල්වා මහතා කියා සිටියේ තම සේවාදායකයාට එරෙහිව , හිටපු  පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමඟ එක්වී බොරු සාක්ෂි සෑදීම සඳහා කුමන්ත්‍රණය කළා යැයි කියන චෝදනා යටතේ  නුගේ⁣ගොඩ  මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයට අදාළව එම මහෙස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ සිතාසිය නීතියට පටහැනි බවය.

එසේම එම සිතාසිය මගින් සිය සේවාදායකයාගේ අයිතිවාසිකම් කඩවී ඇති බවත් , එය ස්වභාව යුක්ත මූලධර්මයට පටහැනි බවද ජනාධිපති නීතීඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.

කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල  හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ලබන ජුනි 08 වැනිදා තෙක්නු ගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීම වළක්වාලමින් මෙම අතුරු නියෝගයක් නිකුත් ක⁣ළේය.

තමන්ට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය නවත්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගිහාන් පිලපිටිය මහතා ගොනු කළ මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත් , වැඩබලන පොලිස්පති ඇතුළු තිදෙනෙකු නම් කරනු ලැබ තිබිණි.

 



අදහස් (3)

හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට අභියාචනාධිකරණයෙන් අතුරු නියෝගයක්

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 27 May 2020 04:40 PM

අසේවනාච බාලා නන් - පණ්ඩිතා නංච සේවනා ..යන බුදු වදන අදටත් මොනතරම් දුරට ගැලපෙනවා නේද ...?

:       0       0

Prasanna Thursday, 28 May 2020 02:21 AM

මිනිස්සු පාර්ලිමේන්තුවට මන්ත්‍රීතුමන්ලාට, අැමැතිලාට අපහාස කළද, රටේ හැම තැනම වෙන්නේ පොඩි මිනිහට අසාධාරණයක්. නිකරුනේ මන්ත්‍රීලට විතරක් බනින එක තේරුමක් නෑ. මොකද අනිත් ඒවගේ ඉන්නේ හොඳ මිනිස්සුද? එහෙම නම් මෙහෙම වෙයිද?

:       0       0

කමල් Friday, 29 May 2020 12:50 PM

වැරදි කළා නම් කාට වුණත් දඬුවම් කළයුතුයි. නීතිය කාටත් එකයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site